Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාලයකට කලින් අහෝසි කළ සාපරාධී අපහාස නීතිය යළි හඳුන්වාදීමක් ආකාරයේ තත්ත්වයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙහිදී භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් වන අලුත් අපරාධ වැරදි හඳුන්වාදී තිබෙනවා. ඒ සියල්ල තුළ භාෂණ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වීමක් වගේම මම අර පෙර සඳහන් කළ චිලින් ඉෆෙක්ට් එකත් සමාජය තුළ ඇතිවෙලා සමාජය නිහඬ වෙන්න පුළුවන්.
මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් වෙලා තියෙන්නේ මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතතාව උදෙසා ඇති කරන්නා වූ පනත පිළිබඳවයි. මුලින්ම මේ පනත පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්වේ. ඉන් පසුව ඒ හරහා සමාජයට ඇති කරන්නා වූ බලපෑම මොන වගේද යන්න අධ්‍යයනය කළ යුතුය. මේ පිළිබඳව මාධ්‍ය නීතිඥ සංසදයේ සභාපති විරංජන හේරත් සමග කළ සංවාදයකි.
මේ පනතේ දැක්වෙන ආකාරයට, එහි අරමුණු වෙලා තියන්නේ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිදුවන අහිතකර කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ අනුව පනතේ අරමුණු විදිහට දක්වල තියන්නේ, තහනම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම හරහා සිදුවන හානිවලින් පුද්ගලයන් ආරක්ෂා කිරීම, දිගින් දිගටම තහනම් ප්‍රකාශ සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම, අධිකරණයට සහ එහි කටයුතුවලට අපහාසාත්මක වන ප්‍රකාශ සන්නිවේදනයවීමෙන් ආරක්ෂා කිරීම, මාර්ගගත ගිණුම් සහ බොට් අවභාවිතා කරමින් මේ පනත මගින් හඳුන්වාදී ඇති වැරදි හඳුනාගැනීම සහ වැළැක්වීම. මේ සඳහා අධිකරණයට අමතරව මාර්ගගත ආරක්ෂණය පිළිබඳ කොමිසමකුත් හඳුන්වා දී තිබෙනවා. මෙහිදී හඳුන්වාදී ඇති වැරදි අතර මාර්ගගත තාක්ෂණය භාවිතා කරමින් සිදුකරන කාන්තා ළමා හිංසන, වංචා, ආගමික අපහාස ආදී වැරදි ගණනාවක් තිබෙනවා. ඒ අනුව බැලූ බැල්මට මෙය හොඳ පනතක් වගේ කෙනකුට පේන්න පුළුවන්. ඒත් මෙතනදී වෙලා තියන දේ තමා මාර්ගගත තාක්ෂණයේ තියන යම් යම් දුර්වලතාවලට එරෙහිව නීතියක් ගෙන එන බව සඳහන් කරමින් ඔන්ලයින් අවකාශයට අනවශ්‍ය ලෙස මැදිහත් වන එය පාලනයකට යටත් කරන ආකාරයේ නීතියක් හඳුන්වාදීම. සරලව කිව්වොත් මම මෙය දකින්නේ ලස්සනට පේන්න අයිසින් තවරපු අධික විෂ සහිත කේක් ඒකක් වගේ.
මම විශ්වාස කරන ආකාරයට මේ පනත සම්මත වීම හරහා සමාජයට විය හැකි හිතකර බලපෑම්වලට වඩා අහිතකර බලපෑම් වැඩියි. විශේෂයෙන් මේ හරහා අදහස් ප්‍රකාශ කිරීම අයිතිවාසිකම වගේම ආර්ථික, අධ්‍යාපන වගේ වෙනත් අයිතිවාසිකම්වලටත් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ පනත යටතේ සමාජ සහ වෙනත් ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට පූර්ව වාරණයක් පැනවෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඉංග්‍රීසියෙන් චිලින් ඉෆෙක්ට් කියල හඳුන්වන, සමාජය අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගල්බීත වෙන තත්ත්වයක් මෙහිදී ඇතිවෙන්න පුළුවන්. එය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක පැවැත්මට සහ ඉදිරි ගමනට හොඳ තත්ත්වයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. අනිත් කරුණ තමයි මේ පනත මේ විදිහට කඩිමුඩියේ අන්තර්ජාල සේවා සපයන ආයතන එක්ක පවා සාකච්ඡා නොකර ඉදිරිපත් කිරීම හරහා විදේශ විනිමය අර්බුදයකට ලක්ව සිටින ලංකාව වගේ රටකට අනවශ්‍ය ආර්ථික ගැටලු මතුකරවන්න පුළුවන්. එහි අවසාන පීඩනය එන්නේ ජනතාව මතටම තමා.
මතුපිටින් බලද්දි මේ පනත පාර්ලිමේන්තුව ඇතුළෙ තාක්ෂණිකව සම්මත වෙලා තිබෙනවා. ඒත් අපි දන්නවා මේ කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ තිහකට වැඩි සංඛ්‍යාවක් ලබාදුන්නා සරල බහුතරයකින් සම්මත කරගන්නවා නම් පිළිපැදිය යුතු නිර්දේශ ඒ ආකාරයෙන්ම ඇතුළත් කළා ද? යන්න ප්‍රශ්නයක්. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහන් කර තිබෙනවා අදාළ නිර්දේශ ඒ ආකාරයෙන්ම ඇතුළත් නොවුණු බව සහ වෙනත් කරුණු ඊට ඇතුළත් වුණු බව. ඒ අනුව බලද්දී මේ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් ආකාරය ගැන පවා ගැටලුවක් තිබෙනවා. පුදුම කලබලයකින් තමා මේ දේවල් සිද්ධ වුණේ. ඒ නිසා ඒ පනත සම්මත කරගත් ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ඒ නිසාම තමා මේ වන විට විවිධ පාර්ශ්ව විසින් කථානායකවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කරල තියන්නේ අඩුම තරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ මෙහි නිවැරදිව අඩංගුද කියල සොයා බලල ඊට අත්සන් තබන්න කියලා.
මමත් ඉන්නේ මේ පනත ගෙන ආවේ දේශපාලන වුවමනාවක් මත කියන ස්ථාවරයේ. මෙය මූලින්ම කෙටුම්පත් කර ඇත්තේ 2020 වසරේ දී. එහිදීත් මේ සම්බන්ධයෙන් ජනතාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් විමසීමක් සිදුකෙරුණේ නැහැ. ඉන් පසුව හදිසියේම තමා වත්මන් මහජන ආරක්ෂක ඇමැතිවරයා විසින් මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ. එහිදීත් මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවකට අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙය ඉක්මනින්ම සම්මත කරගත යුතු යැයි කියන ස්ථාවරයක තමා ආණ්ඩුව සහ අමාත්‍යවරයා දිගින් දිගටම හිටියේ. මේ පනතින් හඳුන්වා දී ඇති වැරදි බොහොමයක් දැනටමත් වෙනත් විවිධ නීති හරහා වැරදි ලෙස ස්ථාපිත කර තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අන්තර්ජාලය යොදාගෙන ළමයින් අපචාරයට යොදාගන්නවා නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන්න නීති තිබෙනවා. ඒත් ආණ්ඩුවෙ අදහස වුණේ මේ නීතිය නැතිව ඒවාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න බෑ වගේ අදහසක්. ඒත් ඒක එහෙම නෙවෙයි. මේ පනතින් මූලිකව උත්සහ දරන දෙයක් තමා යම් යම් ප්‍රකාශ තහනම් ප්‍රකාශ ලෙස හඳුන්වල නීතිය ක්‍රියාත්මක කරන එක. මගේ නිරීක්ෂණය නම් ඒව තනිකරම දේශපාලන අරමුණු.
මේ පනත් කෙටුම්පතේ වගන්ති 30 කටත් වඩා වැඩි සංඛ්‍යාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිර්දේශ ඉදිරිපත් කළා. ආණ්ඩුව ඒ අනුව අදාළ වෙනස්කම් කරන බව කිව්වා. අධිකරණය හමුවේ නීතිපතිවරයාත් කරුණු ගණනාවක් සංශෝධනය කළා. එහෙම බලද්දී මේ පනතේ මුල් කෙටුම්පත සහ අවසන් සම්මත වෙලා තියන පනත අතර විශාල වෙනසක් තිබෙනවා. එහෙම වෙද්දි නීතිය පිළිබඳ තිබෙන විශ්වාසයට මොකද වෙන්නෙ. ඒ නිසා මම නම් ඉන්න ස්ථාවරය තමා මේ පනත සංශෝධනය කරන්න පුළුවන් තැනක නැති බව. ඒක හරියට අර වෙලුම් පටිවලින් වෙලල ඉන්න තුවාලකාරයෙක් උඩින් තවත් වෙලුම් පටියක් ඔතනවා වගේ වැඩක්.
ඔව්. පැහැදිළිවම. අද තොරතුරු දැනගැනීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රධානතම මාධ්‍යයක් බවට පත්වෙලා තියන්නෙ අන්තර්ජාලය. එහි පළවන දේවල්වල සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීමේ බලය මෙහිදී ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසමකට පැවරී තිබෙනවා. පුද්ගලයන් පස්දෙනකුගෙන් සමන්විත කොමිසමක් අදහසක, ප්‍රවෘත්තියක සත්‍ය අසත්‍යතාවය තීරණය කරන්නේ කොහොමද? එම කොමිසමට අදාළ ප්‍රකාශ ඉවත් කරන්න කියල ඒව පළකළ අයට වගේම අදාළ අන්තර්ජාල සමාගම්වලටත් නිර්දේශ නිකුත් කිරීමේ අවස්ථාව පවතිනවා. අනික මෙහිදී කාලයකට කලින් අහෝසි කළ සාපරාධී අපහාස නීතිය යළි හඳුන්වාදීමක් ආකාරයේ තත්ත්වයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙහිදී භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් වන අලුත් අපරාධ වැරදි හඳුන්වාදී තිබෙනවා. ඒ සියල්ල තුළ භාෂණ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වීමක් වගේම මම අර පෙර සඳහන් කළ චිලින් ඉෆෙක්ට් එකත් සමාජය තුළ ඇතිවෙලා සමාජය නිහඬ වෙන්න පුළුවන්.
සමාජ මාධ්‍යවලින් විතරක් නෙමයි, ප්‍රධාන මාධ්‍යවලිනුත් එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණ අවස්ථා තිබෙනවා. අර දොස්තර සාෆිගේ සිදුවීම ඉදිරියට ගෙන ආවෙ සමාජ මාධ්‍ය නෙමෙයි, ප්‍රධාන මාධ්‍ය. ඒ නිසා ඒක හැම මාධ්‍යයකම වෙන්න පුළුවන් දෙයක්. එතනදි අපේ රටේ දැනටමත් අපරාධ නීති වගේම සිවිල් අපහාස නීතියත් තිබෙනවා, මේ තත්ත්වයකට අදාළව කටයුතු කරන්න. අනික් අතට සමාජ මාධ්‍යයෙත් හිතු හිතු දේ පළ කරන්න පුළුවන් කියන කාරණයට මම එකඟ නැහැ. එහිදී ඔවුන් සතුවත් යම් නියාමන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ හරහා යම් අනුමත කළ නොහැකි පළ කිරීම් ඉවත් කරනවා. මේ මාධ්‍ය අවකාශය ගැනත් මෙතනදී අපිට හිතන්න වෙනවා. මෙහි ඇතැම් ගැටලු තිබෙනවා තමා. ඒත් ඒවා හුදු නීතියක් අමගින්ම විසඳන්න බැහැ. එතනද සියලු පාර්ශ්ව සම්බන්ධ කරගත් පුළුල් ප්‍රවේශයක් අවශ්‍යයි.
ඒක ඇත්ත. මේ හරහා ලංකාව වැනි රටක අයෝජනය කරද්දි විදේශ ආයෝජකයො දෙවතාවක් හිතනවා. මෙතනදි ඔවුන්ට මුහුණ දෙන්න වෙන බාධක ඉහළයි. එහෙම බාධා තියන රටක ආයෝජනය කරන්න අයෝජකයො කැමති ද? උදාහරණයක් විදිහට සංචාරක සේවා සම්බන්ධීකරණ වෙබ් අඩවියක කමෙන්ට් සම්බන්ධයෙන් එම සමාගම්වලට වගකීමක් පැවරෙනවා. එතනදි ඔවුන් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බැඳීමකට ලක්වෙන්න කැමති නෑ. එතනදි අර කමෙන්ට් සෙක්ෂන් එක වහල දානවා වගේ දෙයක් වුණත් වෙන්න පුළුවන්. අවසානයේ එහි බලපෑම එන්නේ අර සම්බන්ධීකරණ සේවා වෙබ් අඩවියේ සේවාව ලබාගන්නා අපේ රටේ මිනිස්සුන්ට. නිෂ්පාදනයක් අලෙවි කිරීම සම්බන්ධයෙනුත් තත්ත්වය එලෙසමයි. අනිත් කරුණු අද හුඟක් දෙනෙක් සිය නිෂ්පාදන අලෙවිකර ගන්න සමාජ ජාලා වගේ දේවල් භාවිතා කරනවා. මේ පනත මගින් ඇතිකරන බලපෑම් හමුවේ අදාළ සමාගම් අපේ රටේ සේවා පවත්වාගෙන යන්න දක්වන උනන්දුව හීන වෙන්න පුළුවන්. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට අහිතකර බලපෑම් සිදුවීම.
(දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart