Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තොරතුරු දැනගැනීමේ පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයෙන් විමසන කරුණුවලට නිසි පිළිතුරු ලබානොදී ‘ලිස්සා යන’ පිළිතුරු සපයන බව නවගමුව සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.
එසේම කොමසාරිස් කාර්යාලයෙන් නවගමුව සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයාට පිළිතුරු ලබාදීමේදී ඔහු අමතා ඇත්තේ භික්ෂුන් වහන්සේ නමකට මෙන් “ඔබ වහන්සේ” යනුවෙන් බව එම සංවිධානය සඳහන් කර ඇත.
නවගමුව සුරැකීමේ සංවිධානය විසින් තොරතුරු දැනගැනිමේ පනත යටතේ 2023.10.25 දිනැති ලිපිය මගින් විමසා ඇත්තේ, ඔක්තෝබර් මාසයේ කැට මුද්‍රා තැබීමෙන් පසු කැට ගණනය කිරීමේදී පත්තිනි මහ දේවාලයේ හා අනෙක් (නා කැලේ) පත්තිනි දේවාලයේ මාසික ආදායම කොපමණද යන්නය.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු විමසූ දිනෙන් පසු දින 14ක් ඇතුළත පිළිතුරු එවිය යුතු වුවද, එයට බෞද්ධ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරි නිමේෂ තිවංකර සෙනෙවිපාල පිළිතුරු එවා ඇත්තේ, 2023.12.06 වැනිදාය.
කෙසේවෙතත් එම පිළිතුර මගින් තොරතුරු නිලධාරියා එක් දේවාලයක මාසික ආදායම පමණක් එවා ඇති අතර, ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ මාසිකව ආදායම වෙනස්වන නිසා නිශ්චිතව ආදායම පෙන්විය නොහැකි බවය.
මසකට ලක්ෂ 30කට අධික ආදායමක් ලබන පත්තිනි මහ දේවාලයේ ආදායම පෙන්වීම තොරතුරු නිලධාරියා විසින් මඟහැර තිබෙන බවට එම සංවිධානය චෝදනා කරයි.
විශාල ලෙස ආදායම් ලබන පත්තිනි මහ දේවාලයේ ආදායම පෙන්විය නොහැකිබව දැන්විම පුදුම සහගත විහිළුවක් යැයි නවගමුව සුරැකීමේ සංවිධානය කියයි.
නවගමුව දේවාලයේ මුද්‍රා තැබූ පින්කැට ගණනය කිරිමේදී ද මහ පරිමාණයේ වංචාවන් තවමත් සිදුවන බව එම සංවිධානය සඳහන් කරයි.
මෙලෙස සිදුවන මුදල් වංචාවලට රාජ්‍ය නිලධාරින්ද හවුල් බවට සැකයක් පවතින බව ඔවුහු සඳහන් කරති.
එසේම නවගමුව දේවාලයේ හා විහාරස්ථානයේ සිදුවන දුෂණ වංචා පිළිබඳව නවගමුව සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාට භාරදුන් ලිඛිත පැමිණිල්ල ජනාධිපති අතිරේක ලේකම් පුෂ්පකුමාර විසින් බෞද්ධ කොමසාරිස් ජනරාල් වෙත යවා ඇතත් ඊට ඔහු ගත් ක්‍රියාමාර්ග නොමැති බව දැනගන්නට ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්දැයි තොරතුරු දැනගැනිමේ පනත යටතේ නවගමුව සුරැකීමේ සංවිධානය බෞද්ධ කොමසාරිස් ජනරාල්ගෙන් විමසුවද එයට මේ දක්වා පිළිතුරු ලබාදී නොමැති බව ඔවුහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart