September 20, 2023

පසුගිය වසර තුළ සියදිවි නසාගැනීම් 3, 406 වාර්තා වී ඇති බවත්, ඉන් ණය ගෙවාගත නොහැකිව දිවිහානි කරගත් සංඛ්‍යාව ඉහළ අගයක් බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

තවද සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම් 15 000 – 20 000 ක් පමණ වාර්තා වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ඔහු මේ බව පැවැසීය.

අදවන විට ලෝකයේ කිසිම රටක් ශ්‍රි ලංකාව පිළිනොගන්නා බවත්, රටේ ජනතාව ණය උගුලක් හිරකර කරමින් රටේ සහ ජනතාවගේ ආත්මගරුවයත් නැතිවන අන්දමින් හිඟමනට පත්කළ පාලකයන් පළවාහරිමින් ජාතික ජන බලවේගයේ නව ආණ්ඩුවක් ඇති කළ යුතු බවත් ජාජබ නායකයා අවධාරණ කරයි.

ජාජබ නායකයා එහිදී මෙසේද පැවැසීය.

“දැන් ගොවි බිරිඳ රට යවන තත්වයට පත්වී සිටිනවා. ගේ හදාගන්න, දරුවාට උගන්වන්න, වාහනයක් ගන්න බලාගෙන විදේශ රැකියාවලට යැව්වා. නමුත් ගේ හදලා තියෙන්නෙ බාගෙට. ආරක්ෂාව නැතිව දරුවන් විනාශ වුණා. බේබදුකමට ඇබ්බැහි වී සැමියාගේ ජීවිතය අහිමි වුණා. මුළු ජීවිතයම කඩා වැටුණා. ඒ වගේම වකුගඩු රෝගීන් බවට පත්වුණා. මේ පාලක කණ්ඩායම් විසින් ගොවි අම්මා තාත්තාගේ ජීවිතත් දරුවන්ගේ ජීවිතත්, මුළුමනින්ම විනාශ කර දැම්මා. ඒ නිසා අපේ ගොවිතැනත්, අපේ දරුවොත් අපේ ජීවිතත් පාලක කණ්ඩායම්වල ව්‍යසනයට තවදුරටත් ගොදුරු වෙන්න ඉඩදී ඉවසා සිටිනවාද? ගමේ ජනතාව රැවටිය හැකි බව මේ පාලකයන් කල්පනා කරනවා. කාලේ බෝතලේට, බත් පැකට් එකට, සිමෙන්ති කොට්ට දෙකට, වැසිකිළි පෝච්චිවලට, ජනතාව රවට්ටන්න පුළුවන් කියලා ඔවුන් කල්පනා කරනවා. ගිය අවුරුද්දේ 3406ක් සියදිවි හානි කරගෙන. ඒ අතර, දේශපාලකයෝ, ජාවාරම්කරුවෝ, ආණ්ඩුවත් එක්ක හොරකම් කරන අය, කිසි කෙනෙක් නැහැ. ණය ගෙවාගන්න බැරිව වැඩිම සියදිවි හානිකර ගැනීම්, ආදායම් නැතිව සියදිවි හානි කර ගැනීම් සිදුවෙනවා. යුද්දෙදීවත්, අවුරුද්දට මිය ගියේ නැති ප්‍රමාණයක් සියදිවි නසා ගන්නවා. සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම් තවත් 15,000ක් – 20,000ක් පමණ වෙනවා.”

42.31%
17.27%
32.76%