March 6, 2025

මේ වසරේ ජුනි මාසය වන විට ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය අදහස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට පැවැසීය.

පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පාසල් දරුවන් ඇතුළු ජනතාව ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් හඳුන්වාදෙන බවයි.

තවද රූපවාහිනිය ඩිජිටල්කරණය කිරීම ද කඩිනම් කරන බව ඔහු පැවැසීය.

“මෙම ක්‍රියාවලිය ප්‍රමාද වෙමින් පවතිනවා. නමුත් අපට මෙම වැඩසටහන කඩිනම් කිරීමට අවශ්‍යයි,” ඔහු සඳහන් කළේය.