December 8, 2023

රුපියල් 50,000කට දින 07ක් වයසැති සිය නිවුන් දරුවන් දෙදෙනා අලෙවි කළ මව සහ එම දරුවන් මිලදීගත් කාන්තාවන් දෙදෙනා ඇප මත නිදහස් කර තිබේ.

රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත ඔවුන් තිදෙනා නිදහස් කර ඇත.

මෙම නඩුව අද (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි.

එහිදී, තමාට දරුවන් දෙදෙනා බාරගත නොහැකි බව නිවුන් දරුවන්ගේ මව පවසා තිබේ.

ඒ අනුව, එම දරුවන් දෙදෙනාව පරිවාස භාරයට පත්කිරීමට අධිකරණය නියෝග කර ඇත.

සැකකාර මව රාගම ප්‍රදේශයේ නිවෙසක සේවයේ සිට ඇති අතර, මීට සතියකට ඉහත කොළඹ කාසල් මාතෘ රෝහලේදී නිවුන් දරු ප්‍රසුතිය කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

තමාට දරුවන් රැකබලා ගැනීමට නොහැකි හෙයින් දරුවන් විකිණූ බව අදාළ මව පවසා ඇතැයි පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%