February 8, 2025

පුද්ගලයන් 10 දෙනකු සමඟ පියාසර කරමින් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුහන් වූ ගුවන් යානය සොයාගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

අනතුරින් කුඩා මගී ගුවන් යානයේ සිටි 10 දෙනාම මියගොස් ඇතැයි විශ්වාස කෙරේ.

පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු යානය තුළ තිබී සොයාගෙන ඇති අතර ඔවුන් ඒ වනවිටත් මියගොස් සිටි බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

යානයේ ගමන් කළ අනෙක් හත්දෙනාගේ සිරුරු ද ගුවන් යානය තුළ ඇති බවට විශ්වාස කෙරෙන නමුත් යානයේ තත්ත්වය සහ සුන්බුන් අයිස් තට්ටුවලට සිරවී තිබීම හේතුවෙන් එම ස්ථානය වෙත ප්‍රවේශ වීම අසීරු බව අමෙරිකානු වෙරළාරක්ෂකයෝ පෙන්වාදෙති.

ඇලස්කාවේ නෝම් නගරයට ගිනිකොණ දෙසින් සැතපුම් 34ක් පමණ දුරින් වූ අ‍යිස්වලින් වැසීගිය ප්‍රදේශයක තිබී යානයේ සුන්බුන් මෙලෙස සොයාගෙන ඇත.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන පරිදි මගීන් නවදෙනෙකු සහ ගුවන් නියමුවෙකු රැගත් Bering Air විසින් මෙහෙයවනු ලබන සෙස්නා (Cessna) ගුවන් යානය Unalakleet සිට Nome දක්වා ගමන් කරමින් තිබියදී බ්‍රහස්පතින්දා අතුරුදහන් විය.

සෝදිසි මෙහෙයුම් සිදුකළ කලාපයේ පවතින අයහපත් කාලගුණය සහ අඩු දෘශ්‍යතාව හේතුවෙන් එම මෙහෙයුම් සඳහා බාධා එල්ලවී ඇති නමුත් පැයක මෙහෙයුමකින් පසුව යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවී තිබිණි.

අමෙරිකානු ගිනි නිවන භටයන් නෝම් සිට ටොප්කොක් දක්වා ගොඩබිම් සෝදිසි කිරීම් සිදුකළ අතර එරට වෙරළාරක්ෂක ගුවන් කාර්ය මණ්ඩලයක් ගුවන් අවකාශය සෝදිසි කර තිබේ.

42.31%
17.27%
32.76%