August 24, 2023

රජයේ රෝහල්වල meningococcal එන්නත හිඟයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා කළ ප්‍රකාශයෙන් අනතුරුව දැනට රජයේ සෞඛ්‍ය අංශ සතුව එම එන්නත් 88ක් පමණක් පවතින බව අනාවරණය වේ.

රජයේ රෝහල්වල එන්නත් 06ක් සහ වෛද්‍ය සැපයුම් අංශයේ එන්නත් 82ක් පවතින බව පැවසෙන හිඟය පිළිබඳව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරික් අනාවරණය කරයි.

මෙම කනස්සල්ල මතුවන්නේ පසුගිය සතියේ meningococcal රෝගය වැළඳීමෙන් ගාල්ල බන්ධනාගාරයේ මරණ දෙක වාර්තා වීමත් සමඟය.

මෙනින්ජයිටිස් සඳහා භාවිත කරන meningococcal එන්නත රජයේ රෝහල්වල වසරක පමණ කාලයක සිට හිඟ බවත්, මේ වන විට ගාල්ල බන්ධනාගාරය තුළ මෙනින්ජයිටිස් රෝගය පැතිර යන බැවින් එය බරපතළ ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

ස්ථාවර නියෝග 27/2 යටතේ වාචික ප්‍රශ්නයක් මතුකරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) meningococcal එන්නත් තොගයක් සපයා ඇති බවත්, එම එන්නත් තොගය රේගුවෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවත් වාර්තා වන බවත්ය.