Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැරතන් ධාවන තරඟයකට සහභාගී වෙමින් සිටි අම්පාර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවකු ඇද වැටී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් අධ්‍යාපන කලාපයෙන් වාර්තාව ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
පසුගිය සඳුදා පෙරවරුවේ තිරුක්කෝවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ කොටසක් ලෙස මැරතන් තරගය පැවැත්විණි.
එම තරගය අතරතුර අසනීප වූ සිසුවා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරෙයිපත්තු රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මියගොස් තිබිණි.
සිද්ධියෙන් අනතුරුව රෝගී සිසුවාට ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වීමෙන් අනතුරුව උණුසුම් තත්ත්වයක් ද වාර්තා විය.
පසුව ඇතැම් විරෝධතාකරුවන් රෝහලට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එය ප්‍රචණ්ඩවීමත් සමඟ තත්ත්වය සමනය කිරීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය යොදවනු ලැබිණි.
මෙම සිද්ධිය වාර්තා වන්නේ පරිසර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් එළිමහන් ක්‍රියාකාරකම් සිදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර චක්‍රලේඛයක් ද නිකුත් කර තිබූ පසුබිමකය.
එම නියෝගයට අනුව, සිසුන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම කාල සීමාව තුළ ක්‍රීඩා ඉසව්, පුහුණුවීම් හෝ වෙනත් එළිමහන් ක්‍රියාකාරකම් පැවැත්වීමෙන් වළකින ලෙස පාසල්වලට උපදෙස් දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart