
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට එරෙහිව ඉකුත් දා බ්‍රිතාන්‍ය රජය විසින් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවටයක් පවත්වා ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් වන තවත් පුළුල් සාකච්ඡා වටයක් සඳහා එම කමිටුව ඉදිරි දිනයකදී යළි රැස්වීමට නියමිත බව ද වාර්තා වේ.
බ්‍රිතාන්‍ය රජය විසින් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් සොයා බලා ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සාමාජිකත්වය දරයි.
අදාළ කමිටුවේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව themorning පුවත්පත කළ විමසීමකදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසා ඇත්තේ කමිටුව දැනටමත් ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා පවත්වා ඇති බවයි.
පුළුල් සාකච්ඡා වටයක් පැවැත්වීමට කමිටුව කඩිනමින් යළි රැස්වන බව ද ඔහු පවසා තිබේ.
මානව හිමිකම් උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් හිටපු යුද හමුදාපතිවරුන් වන ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ විනයාගමූර්ති මුරලිදරන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකුට බ්‍රිතාන්‍ය රජය විසින් ඉකුත් දා සම්බාධක පැනවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart