February 19, 2025

පළාත් පාලන ආයතන 337 ක සභිකයන්ගේ ධුර කාලය 2025 ජුනි 2 වන දින ආරම්භ විය යුතු බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විෂය භාර ඇමතිවරයා ලෙස, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

252 වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙය නිකුත් කර තිබේ.

ඒ අනුව, මහනගර සභා 27කට, නගර සභා 36කට සහ ප්‍රාදේශිය සභා 274කට මෙම ගැසට් නිවේදනය අදාළ වේ.