February 21, 2024

ලෝක මස්තිෂ්ක රෝග දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් වශයෙන් පෙබරවාරි 22 වැනිදා කොළඹ නෙළුම් කුළුණ රතු පැහැයෙන් ආලෝකමත් කරන බව සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම (පෞද්ගලික) පවසයි.

මෙම විනාශකාරී ස්නායු රෝග තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එන්සෙෆලයිටිස් ඉන්ටර්නැෂනල්හි මෙහෙයුමේ කොටසක් ලෙස මෙම ආලෝකමත් කිරීම සිදුකරන බව පැවැසේ.

මෙවර ලෝක එන්සෙෆලයිටිස් දිනය සැබවින්ම කැපී පෙනෙන හා ඵලදායී බවට පත් කිරීම සඳහා ලොව පුරා බොහෝ ජාත්‍යන්තර සන්ධිස්ථානවලට සම්බන්ධ වෙමින් කොළඹ නෙළුම් කුළුණ මෙම ව්‍යාපාරයට සහාය වනු ඇත.

42.31%
17.27%
32.76%