49.8%
16.4%
25.8%
September 8, 2023

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය පෙර දැනුම්දීමකින් තොරව රෝහලෙන් පිටවයෑමේ සිද්ධියත් සමඟ, එසේ දැනුම්දීමකින් තොරව විදේශගතවන වෛද්‍යවරුන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.

සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ව අවසරයකින් තොරව වෛද්‍යවරුන්ට රටින් පිටවීමට අවසර නොමැති බවත්, පූර්ව දැනුම්දීමකින් තොරව වෛද්‍යවරයෙක් රට හැර ගියහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන තිබෙන බවත්, ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මින් ඉදිරියට එවැනි වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ගන්නා බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වී තම වගකීම් පැහැරහරිමින් සිටින විශේෂඥ වෛද්‍යවරුන් 103 දෙනෙක් අසාදු ලේඛනගත කර ඇති අතර, තවත් වෛද්‍යවරුන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගනිමින් සිටින බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පවසා තිබිණි.

49.8%
16.4%
25.8%