September 13, 2023

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone ජංගම දුරකථන මාදිලි පෙළ එළිදක්වා ඇත.

එම මාදිලි නම්කර ඇත්තේ, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Max ලෙසයි.

මෙවර හඳුන්වා දුන් iPhone 15 වල සුවිශේෂි වෙනස්කම් දක්නට නොමැති අතර එහි සිදුව ඇති විශාලතම වෙනස්කම ලෙස සැළකෙන්නේ, lightning charging port වෙනුවට USB-C charging port එකක් හඳුන්වාදීමයි

විචාරකයන් පවසන්නේ, මෙය පාරිභෝගිකයන්ට ජීවිතය පහසු කිරීමටත්, මුදල් ඉතිරි කිරීමට සහ චාජර් නැවත භාවිත කිරීම දිරිමත් කිරීම මගින් විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීමට උපකාර කිරීම සඳහා ගෙන ඇති පියවරක් ලෙසයි.

කෙසේ වෙතත්, ඇතැමුන් අනතුරු අඟවන්නේ මෙම පියවර ඉදිරි වසරවලදී ඉවතලන කේබල් ඉහළ යෑමට හේතුවක් වනු ඇති බවයි.

ටයිටේනියම් ආවරණයකින් සමන්විත වර්ණ කිහිපයකින් යුත් ඇපල් සමාගමේ මෙම නවතම දුරකතන පෙළ දීප්තිමත් තිර සහ වැඩිදියුණු කළ කැමරාවලින් ද සමන්විත වේ.

ඇපල් සමාගම නිවේදනය කරන්නේ, iPhone 15 Pro එක්සත් රාජධානිය තුළ පවුම් 999 සිට ඉහළට මිල නියම වනු ඇති බවයි.

මේ අතර ඇපල් සමාගම වඩාත් දියුණු චිපයක් සහිත නව Apple Watch මාලාවක් ද මේ සමගම එළිදක්වා තිබේ.