Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම ධූරයෙන් ඉවත් කරන තුරු විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අවධාරණය කරයි.
දීමනා විෂමතා මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් පසුගියදා දියත් කළ වැඩවර්ජනයට කනිෂ්ඨ සේවක සේවිකාවන් සම්බන්ධවීම සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන කළ විවේචනවලට එරෙහිව ඔවුන් මෙම පියවර ගෙන ඇත.
ඊයේ (පෙබ. 16) රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් වෛද්‍ය බෙල්ලන ඔහුගේ කාර්යාලය තුළ බලහත්කාරයෙන් රඳවා තබා ගන්නා ලදී.
පසුව කාර්ය මණ්ඩල සාමාජිකයන් විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමඟ රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මේ අනුව, රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් ද යොදවා තිබිණි.
සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් එකාබද්ධව දීමනා විෂමතා සම්බන්ධයෙන් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් පසුගියදා සිදුකරන ලද අතර එය වෛද්‍ය බෙල්ලනගේ දැඩි විවේචනයට ලක්විය.
කෙසේවෙතත්, සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඔවුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එකඟ වීමෙන් පසු සිය වර්ජනය අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කළේය.
මේ පසුබිම මැද සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් පෙබරවාරි 13 වැනිදා ප්‍රකාශයට පත්කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart