Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රහස් පොලිසිය භාරයේ රඳවාගෙන ප්රශ්න කළ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ‘හරක් කටා’ නමැත්තාට රහස් පොලිස් අත්අඩංගුවෙන් පැනයෑම සඳහා උදව් කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වන ආකාරය පිළිබඳ දැඩි දෝෂදර්ශනයට ලක්කළ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ, එක් එක් අයගේ වුවමනා අනුව රහස් පොලිසිය විමර්ශන කටයුතු කරන්නේ නම්, ඒ බව රටට දැනගනීම සඳහා විවෘත අධිකරණයේ ප්රකාශයක් කරන බවද ඊයේ (14) පවසා ඇත.
රහස් පොලිසිය භාරව කටයුතු කළ එහි උසස්ම තිදෙකුගේ බැංකු ගිණුම් විස්තර හා ජංගම දුරකථන වාර්තා ලබාගෙන මෙම අපරාධයට ඔවුන්ගේ ඇති සම්බන්ධව පිළිබඳ කරුණු ලබන 28 වැනිදාට පෙර අධිකරණයට වාර්තා කරන ලෙස ද මහේස්ත්රාත්වරයා රහස් පොලිසියට නියම කර තිබේ.
රහස් පොලීසිය භාරයේ රඳවාගෙන ප්රශ්න කළ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාට රහස් පොලිස් අත්අඩංගුවෙන් පැනයෑමට රහස් පොලිසියේම නිලධාරීන් උදවූ කළැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනීසිටි රහස් පොලිස් නිලධාරීන් ඇමැතූ මහේස්ත්රාත්වරයා “මෙම අපරාධයට සම්බන්ධිත රහස් පොලිස් නිලධාරීන්ට අදාළ විමර්ශන වාර්තා කෝ?” යනුවෙන් ප්රශ්න කර ඇත.
“රහස් පොලිසිය භාරයේම රඳවාගෙන ප්රශ්න කරන අපරාධකරුවකු පොලිස් අත්අඩංගුවෙන් පැන්නීමට රහස් පොලිසියේ ඉහළම නිලධාරීන් තිදෙනකු සහ එහි විවිධ තරාතිරම්වල තවත් නිලධාරීන් 34 දෙනකු සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තියෙනවා නේද?” යනුවෙන් වැඩිදුරටත් රහස් පොලිස් නිලධාරීන්ගෙන් ප්රශ්න කළ මහේස්ත්රාත්වරයා “ඔවුන්ට අදාළ විමර්ශන වාර්තා කෝ” යනුවෙන් ද ප්රශ්න කර තිබේ.
මහේස්ත්රාත්වරයාගේ මෙම ප්රශ්නවලට පිළිතුරු දීගත නොහැකි වූ රහස් පොලිස් නිලධාරීහු නිරුත්තරව අධිකරණය දෙස නෙත් යොමා සිට ඇත.
“එක එක අයට ඕන විදියට” රහස් පොලිසිය අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් විෂර්ශන කරන්නේ නම් රහස් පොලිසියේ ඇත්ත තත්ත්වය රටට දැක ගැනීම සඳහා විවෘත අධිකරණයේ ප්රකාශයක් කරන බව ද මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණයේදී පවසා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙක් විමර්ශන කළ යුතු ආකාරය පිළිබඳව රහස් පොලිසිය බාර අධ්යක්ෂවරයාට උපදෙස් දී ඇතැයි අවධාරණය කළ මහේස්ත්රාත්වරයා, රහස් පොලිසිය බාර අධ්යක්ෂවරයාගෙන් උපදෙස් ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ආකාරය පිළිබඳව අධිකරණයට දැනුම් දෙන්නැයි කියමින් නඩුව පසුවට කල්තබා ඇත.
ඒ අවස්ථාවේදී අධිකරණයෙන් ඉවත්ව ගිය රහස් පොලිස් නිලධාරීහු පැය කිහිපයකට පසු යළි අධිකරණයට පැමිණ රහස් පොලිසිය බාරයේ රඳවාගෙන ප්රශ්න කළ ‘හරක් කටා’ කමැත්තා රහස් පොලිස් අත්අඩංගුවෙන් පැන්නීමට කටයුතු කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති රහස් පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරීන් 34 දෙනකුගේ ජංගම දුරකථන වාර්තා සහ බැංකු වාර්තා ලබාගෙන විමර්ශන කරන්නේ යැයි දැනුම් දී තිබේ.
‘හරක් කටා’ නමැත්තා රහස් පොලිස් අත්අඩංගුවෙන් පැන්නීමට කටයුතු කළැයි තොරතුරු හෙළි වී ඇති රහස් පොලිසියේ ඉහළම නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශන කරන්නේ යැයි කී රහස් පොලිස් නිලධාරීහු ඔවුන්ගේ ජංගම දුරකථන වාර්තා සහ බැංකු වාර්තා ලබාගෙන මෙම විමර්ශන කිරීමට මාසයක කාලයක් දෙන්නැයි ඉල්ලා ඇත.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමැතූ මහේස්ත්රාත්වරයා අධිකරණ නියෝගයන්ට අවනත නොවන යම් නිලධාරීන් ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන ලෙසත්, එවිට ඔවුන් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැනීමට තමන් පසුබට නොවන බවත්, දැනුම් දී තිබේ.
මෙම විමර්ශන කිරීමට මාසයක කාලයක් දීමට නොහැකි බව අවධාරණය කළ මහේස්ත්රාත්වරයා ලබන 28 වැනිදා වන විට මෙම අපරාධය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්රගතිය අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලිසියට නියම කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart