42.31%
17.27%
32.76%
September 11, 2023

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ශෂී වීරවංශට එරෙහිව විභාගවන නඩුවක් වෙනත් මහේස්ත්‍රාත්වරයෙක් වෙත මාරු කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කර ඇත.

විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ බිරිය වන ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩුවක් පවතින අතර, ඇය අසනීප අවස්ථාවකදී එම නඩුව විභාගයට ගැනීමට සූදානම් වීම නිසා තම සේවාදායකාවට අගතියක් වුණු බව ඇය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි සඳහන් කර ඇත.

ඒ අනුව, මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරු කර දෙන මෙන් නීතිඥවරයා ඉල්ලා තිබේ.

නඩු විභාගයක් කාර්යක්ෂම කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර, ගැටළු සහගත අවස්ථාවන්වලදී ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා දන්වා ඇත.

ඒ අනුව, මෙම කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශෂී වීරවංශගේ නඩුව වෙනත් මහේස්ත්‍රාත්වරයෙක් වෙත යොමුකරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු දැනුම් දී තිබේ.

42.31%
17.27%
32.76%