December 20, 2023

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් JN.1 කොරෝනා වෛරස ප්‍රභේදය “සැළකිලිමත් විය යුතු ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය කර තිබේ.

‘X’ සමාජ මාධ්‍යයේ සටහනක් තමබින් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ එහි වේගයෙන් වැඩිවන ව්‍යාප්තිය හේතුවෙන්, එය JN.1 ප්‍රභේදය BA.2.86 මව් පරම්පරාවෙන් වෙනම සැළකිලිමත් වියයුතු ප්‍රභේදයක් ලෙස වර්ග කරන බවයි.

එය මීට පෙර BA.2.86 උප ප්‍රභේදයේ කොටසක් ලෙස සැළකිලිමත් වියයුතු ප්‍රභේදයක් වශයෙන් වර්ගීකරණය කරන ලද බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පැවසුවේ පවතින සාක්ෂි මත පදනම්ව, JN.1 මගින් ඇති කරන අතිරේක ගෝලීය මහජන සෞඛ්‍ය අවදානම දැනට අඩු අගයක් ගන්නා බවට සළකන බවයි.

“කෙසේවෙතත්, උතුරු අර්ධගෝලයේ ශීත ඍතුව ආරම්භවීමත් සමග, JN.1 බොහෝ රටවල ශ්වසන ආසාදනවල ප්‍රමාණය වැඩි කළ හැකියි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

වත්මන් කොවිඩ් එන්නත් JN.1 සහ කොවිඩ් 19 ඇති කරන වෛරසය වන SARS-CoV-2 හි අනෙකුත් පැතිරෙමින් තිබෙන ප්‍රභේදවලින් ඇතිකරන දරුණු රෝග සහ මරණයෙන් ආරක්ෂාවීමට සහය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.

වාර්තාවන සිදුවීම් අධීක්‍ෂණය කරමින් සිටින බවත් JN.1 අවදානම් ඇගයීම අවශ්‍ය පරිදි යාවත්කාලීන කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%