Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුවනෙකබාහු රජු සමයේ රාජ සභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව සිරදඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔවුන්ගෙන් ආපසු අයකර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත.
එම මුදල නැවත අයකර ගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනාට අධිභාර නිවේදන යැවීමට කටයුතු සකස් කරමින් පවතින බව වාර්තා වේ. රාජ සභා මණ්ඩපය කඩා දැමීම නගර සභාවට අයත් පොදු කටයුත්තක් බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු සඳහා පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන් කීපදෙනෙකුටම ගාස්තු ගෙවීම සඳහා නගර සභා පොදු ගිණුමෙන් මෙම මුදල ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කුරුණෑගල මහ නගර සභාවේ උසස් නිලධාරියකු පැවසීය. මුදල් ලබා ගැනීම සඳහා සභා අනුමැතිය ද ලබා ගෙන තිබෙන බව ද එම නිලධාරියා සඳහන් කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ එම නඩුව හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස පරාජය වීම හේතුවෙන් නගර සභා ආඥා පනතට අනුව ඔවුන් වෙනුවෙන් වැයකළ මුදල නැවත ප්‍රතිපූරණය කරගැනීමට සිදුවන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය. හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස මේ වන විට බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඔවුන්ට අධිභාර නිවේදන තැපැල් මගින් භාරදීම ගැටලුවක් වන බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර කුරුණෑගල මීගමු පාරේ පදිංචි ප්‍රියංකර ලියනගේ නමැති අයද කුරුණෑගල මහ නගර සභාවෙන් නීත්‍යනුකූල නොවන ආකාරයට වැයකර තිබෙන එම මහජන මුදල් නැවත සභාවට අයකර දීම සඳහා නාගරික පුරවැසියකු වශයෙන් තමන් අධිකරණය හමුවට යන බව ප්‍රකාශ කළේය. රාජ සභා මණ්ඩපයට හානි කිරීම මහ සභා අනුමැතියකින් තොරව කරන ලද දෙයක් බව ද එවැනි දෙයක් වෙනුවෙන් සභාව සතු මුදල් පෞද්ගලික නීතිඥවරුන් සඳහා වැය කිරීම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස නීති ගාස්තු වශයෙන් වැය කර තිබෙන කෝටි ගණනක එම මුදල ඔවුන් ආපසු සභාවට ගෙවිය යුතු බව ද ලියනගේ පැවසීය.
කුරුණෑගල මහ නගර සභාව තුළ දූෂණ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව සඳහන් කරමින් ලියනගේ මහතා මීට පෙරද අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූ අතර, එම නඩුව සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් ඒක පුද්ගල පරීක්ෂණ කමිටුවක් ද පත්කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කුරුණෑගල හිටපු නගරාධිපතිවරයකු වන හිටපු නාගරික මන්ත්‍රී ගාමිණී පෙරමුණගේ පෙන්වා දුන්නේ මෙම මුදල තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිස නොගෙවන්නේ නම් පමණක් මහ නගර සභා ආඥා පනතට අනුව එම මුදල සභාවෙන් ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන් හිටපු සියලුම නාගරික මන්ත්‍රීවරුන්ගෙන් එම මුදල අයකර ගැනීමට සිදු වන බවය. තමන් සමඟ තවත් හිටපු නගරාධිපතිවරයකු වන සුමේධ අරුණශාන්ත (සජබ) සහ රණුක සනන්ජය (ජවිපෙ) තිදෙනා පමණක් එම මුදල අනුමත කිරීමට එදා විරුද්ධ වූ බව ද හෙතෙම පැවසීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart