October 10, 2023

ඊශ්‍රායල-පලස්තීන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපාන ආකාරයට දිගු කාලයක් ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා ඊශ්‍රායල-පලස්තීන යුද්ධය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෙපාර්ශ්වයම සටන සහ ප්‍රචණ්ඩත්වය වහාම අවසන් කළ යුතු බවයි.

“ශ්‍රී ලංකාව සෑම විටම ඊශ්‍රායලය සහ පලස්තීනය යන රාජ්‍යයන් දෙකකට සහාය දක්වයි. අපි අපේ සහයෝගය ස්ථිරයි. සමහර අවස්ථාවලදී අපි ඊශ්‍රායලයේ ක්‍රියා හෙළාදැක තිබෙනවා. එසේ වුවද, මේ සියල්ලෙන් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීම සාධාරණීකරණය නොකරයි. ශ්‍රී ලංකා රජය මෙම පෙර නොවූවිරූ ප්‍රහාරය හෙළා දකී.

සටන සහ ප්‍රචණ්ඩත්වය වහාම අවසන් කළ යුතුයි. ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමයේ යෝජනාවට එකඟයි. මේ අර්බුදයේ තවත් බලපෑමක් පවතී. පෙට්‍රල් මිල බැරලයකට ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ අතර ඉන් පසුව පෙබරවාරි අග සිට පහත වැටේ. මෙම අර්බුදය තවදුරටත් ඉන්ධන හිඟයක් ඇති කරන අතර ඉන්ධන මිල වැඩි කාලයක් ඉහළ මට්ටමක පවතිනු ඇත. මෙය සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට විශාල පහරක්.” යැයි ජනාධිපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

42.31%
17.27%
32.76%