42.31%
17.27%
32.76%
September 13, 2023

ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ඊයේ ප්‍රකාශ කරන ලද්දේ, පිළිගත් විදේශීය ආයතන සහ පුද්ගලයන්ගේ අධීක්ෂණය යටතේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවෙන් එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සදහා කමිටු 02ක් පත් කරන ලෙස හා ඒ පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටු සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ බව අවධාරණය කර ඇත.

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව එල්ල කර ඇති චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් නව කමිටුවක් පත්කරන බව අපට දන්වා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට මීට පෙර ජනාධිපති කොමිසමක් සහ තේරීම් කාරක සභාවක් පත් කළා. නමුත් මේ කමිටු අපේක්ෂිත ප්‍රතිඵල ගෙනාවේ නැහැ.

ඒ නිසා අපි යෝජනා කරනවා චැනල් ෆෝ මගින් කරන ලද චෝදනා සහ මීට පෙර සිදු කළ විමර්ශනවලින් හෙළි වූ දේවල් ගැන සොයාබැලීම සඳහා ස්වාධීන ආයතනයක් පත්කළ යුතු බව. එසේම අපි යෝජනා කරන්නේ පිළිගත් අන්තර්ජාතික ආයතනවලට සහ තනි පුද්ගල ආයතනවලට නැවුම් පරීක්ෂණය නිරීක්ෂණය කිරීමට හා අපක්ෂපාතීත්වය සහතික කිරීමට ඉඩ දිය යුතු බවයි.” ලෙස එහි දී පියතුමා වැඩිදුරටත් සදහන් කර තිබේ.

නව විමර්ශන අවසන් වනතුරු චෝදනා එල්ල වන බුද්ධි අංශවල සියලුම නිලධාරීන් ඉල්ලා අස්විය යුතු බව ද එතුමන්ය අවධාරණයට ලක් කර ඇත.

42.31%
17.27%
32.76%