Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වායු දූෂණය ඉහළ යෑම රටේ ජනතාවගේ සෞඛ්‍යයට පමණක් නොව ආර්ථික ක්‍රියාකාරකම්වලට ද අහිතකර බලපෑම් ඇති කරමින් භයානක මට්ටමකට පැමිණ ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අගවති.
එහි අහිතකර බලපෑම් මෙරට සංචාරක ක්ෂේත්‍රයට ද එල්ලවිය හැකි බවට ඔවුහු පෙන්වාදෙති.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති සහ උපදේශක වෛද්‍ය නෙරංජන් දිසානායක ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, වාර්ෂිකව මිලියන හතක් පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් අකාලයේ මියයන බවට විද්‍යාත්මක පර්යේෂණ වාර්තා 70,000ක් පමණ පදනම් කර ගනිමින් සිදුකරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇති බවයි.
එම තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වාදී ඇති බව ඔහු එහිදී පැහැදිළි කළේය.
“වායුගෝලයේ සහ නිවාස ඇතුළත වායු දූෂණය විවිධ සෞඛ්‍ය ගැටලු ඇති කරනවා. පවතින සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් පවතිනවා. නිදසුනක් වශයෙන්, ඇතැම් අංශු (වායු දූෂණයට හේතුවන) පෙණහලුවලට ඇතුළු වූ විට, ඒවා මගින් පිළිකා ඇති කිරීමේ සම්භාවිතාව ඉහළයි.” වෛද්‍ය නෙරංජන් දිසානායක පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති පසුබිමක, ශ්‍රී ලංකාවේ වායු දූෂණය උග්‍ර වුවහොත් එය සංචාරකයන්ගේ පැමිණීමට අහිතකර ලෙස බලපාන බව ද ඔහු පැහැදිලි කරයි.
දුම් පානය කරන්නන් වායු දූෂණය ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇතත්, දුම් පානය නොකරන පුද්ගලයන් වුවද එයින් ආරක්‍ෂිත නොවන බව වෛද්‍යවරු පෙන්වාදෙති.
වායු දූෂණයේ ඇතැම් බලපෑම් දිගුකාලීන බැවින්, ගර්භනී කාන්තාවන් මෙන්ම ඔවුන්ට උපදින දරුවන්ට ද ඉන් බලපෑම් ඇති විය හැකි බව එම ජනමාධ්‍ය හමුවේදී පැහැදිලි කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart