December 28, 2023

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල්වලින් සියයට 60කට වැඩි ප්‍රතිශතයක මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ පවුල් සියයට 60.5ක මාසික ආදායම අඩු වී ඇත.

එසේම පවුල් සියයට 3.4ක පමණක් ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් සියයට 36.6ක ආදායම ‍නොවෙනස්ව පවතින බව වාර්තා වේ.

ආදායම් අඩු වූ පවුල්වලින් සියයට 73.6ක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, සියයට 6.ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

ආදායම් අඩු වූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් ආහාර සහ මුදල් ඉල්ලා ගැනීම ආදී කරුණු සමීක්ෂණයේ දී හෙළිවී තිබේ.

එසේම මෙරට පවුල්වලින් සියයට 22ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩාවට පත් ව සිටින බව ද එම සමීක්ෂණය ඔස්සේ වැඩිදුරටත් අනාවරණය කර ඇත.

42.31%
17.27%
32.76%