42.31%
17.27%
32.76%
September 26, 2023

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවක් බලයට පත් වුවහොත් ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් එකඟතාව සමාලෝචනය කරන බව සමගි ජන බලවේගය අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) පවසා තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (25) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේදී මෙරට ආර්ථික ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එය රටේ වැඩකරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට සිදු කර ඇති බලපෑම පිළිබඳව විපක්ෂ නායකවරයාඅන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුවත් කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම, එහි ගැටළු නැවත සළකා බැලීම සහ එහි බලපෑම හා පීඩනය ජනතාවට අවම කර ගනිමින් රටට හිතකර ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

42.31%
17.27%
32.76%