August 14, 2023

සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදුකළ සැමියකු සොයා පල්ලම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පනස් එක් හැවිරිදි කාන්තාව ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීමෙන් පසු පළාගිය සැමියා සොයා පල්ලම පොලිසිය විමර්ශන සිදු කරයි.