October 2, 2023

සැප්තැම්බර් 18 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද මතභේදාත්මක අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය මූලික නිරීක්ෂණ සහ නිර්දේශ ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් වෙත ලිපියක් යොමු කර ඇත.

මෙරට පුරවැසියන් සඳහා අන්තර්ජාල ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම වෙනුවන් යැයි පවසමින් ඉදිරිපත් කර ඇති, යෝජිත නීති සම්පාදනය පිළිබඳව කොමිෂන් සභාව කනස්සල්ල මතුකර තිබේ.

ඔන්ලයින් ක්‍රියාකාරකම්වලට අදාළ අපරාධ වැරදි සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට පෙර, පවතින අපරාධ නීති සද්භාවයෙන් අර්ථ නිරූපණය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ධාරිතාව ඉහළ නැංවීමට ප්‍රමුඛත්වය දිය යුතු බව එම කොමිසම තරයේ විශ්වාස කරන බව අදාළ ලිපියේ සඳහන් කර ඇත.

එසේම නව කෙටුම්පතේ යෝජනා කර ඇති දේශපාලන පත්වීම් මෙන්ම, නියාමන කටයුතු සඳහා නිර්මාණය කෙරෙන විශේෂ අධිකාරියකට ලබාදෙන අධිකරණ බලතලද මානව හිමිකම් කොමිසමේ විවේචනයට ලක්ව ඇත.

එම කරුණ ඇතුළුව මෙම කෙටුම්පත ගැටලුකාරී වන තවත් අවස්ථා ගණනාවක් සඳහන් කරමින් මානව හිමිකම් කොමිසම සිය ලිපිය ඇමැතිවරයා වෙත යොමුකර තිබේ.

42.31%
17.27%
32.76%