August 23, 2023

ජනාධිපතිවරයා විසින් මෑතකදී විවෘත කරන ලද හිල්ටන් යාල සුඛෝපභෝගී හෝටලය අලි මංකඩක් හරහා ඉදිකර තිබීම මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ විවේචනයට ලක්ව තිබේ.

හිල්ටන් යාල හෝටලය සමාජ මාධ්‍යවල ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේද සිය හෝටලය අලි මංකඩක් හරහා නිර්මාණය කර ඇති බවයි.

හෝටලය අලි මංකඩක් මත ඉදිකර ඇති බවට චෝදනා කරමින් පුද්ගලයන් ගණනාවක් සමාජ මාධ්‍ය වෙත ගෙන ගොස් ඊට සිය විරෝධය පළකර ඇත.