April 25, 2024

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සිදුවන සංවිධානාත්මක ළමා ජාවාරම පිටුපස සිටි ප්‍රධාන දේශීය පහසුකම් සපයන්නා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු මැලේසියාවේ සිට පිටුවහල් කිරීමෙන් අනතුරුවය.

ළමුන් ජාවාරම් කිරීමේ සිදුවීම් 17ක් සමඟ පසුගිය වසරේ මෙම සංවිධානාත්මක ජාවාරම මෙරට විශේෂ අවධානයකට ලක්විය.

මෙම ප්‍රධාන දේශීය පහසුකම් සපයන්නා පසුගිය සඳුදා කටුනායකින් පිටත්ව ගොස් තිබු අතර මැලේසියානු ආගමන දෙපාර්තමේන්තුව විසින් මොහු හසුකරගෙන තිබුණේ 14 හැවිරිදි පිරිමි ළමයකු සහ ඔහුගේ පියා සමඟ ක්වාලාලම්පූර් බලා පැමිණ සිටියදීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් මාස කිහිපයකට පෙර මෙම ජාවාරමේ ප්‍රධාන දේශීය පහසුකම් සපයන්නා ලුහුබැඳ තිබු අතර ඔහුගේ ඊළඟ පියවර තීරණය කිරීම සඳහා ඔහුගේ ක්‍රියාවන් සමීපව නිරීක්ෂණය කර තිබිණි.

ඒ අනුව 76 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයකු බවට හඳුනාගෙන ඇත.

සැකකරු අප්‍රේල් 22 වැනිදා රටින් පිටව යෑමට සූදානම් වන බවට පිටත සිටින ඔවුන්ගේ නියෝජිතයන් විසින් කටුනායක ආගමන විගමන නිලධාරීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා බලධාරීන් වසරක් පුරා සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

2023 අප්‍රේල් මාසයේදී මැලේසියානු ආගමන විගමන නිලධාරීන් විසින් 16 හැවිරිදි ශ්‍රී ලාංකික පිරිමි ළමයකු මැලේසියාවට මිනිස් ජාවාරම් කිරීමේ අසාර්ථක උත්සාහයකින් පසු පිටුවහල් කළ අවස්ථාවේදී ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබිණි.

ඒ අනුව 2022 නොවැම්බර් දක්වා මාස හයකට පෙර කටුනායක සිට ප්‍රධාන වශයෙන් මැලේසියාව ඇතුළු විවිධ ගමනාන්ත වෙත බාලවයස්කරුවන් 20,000ක් සම්බන්ධ සියලු පිටත්වීම් ශ්‍රී ලංකා බලධාරීන් විසින් පරීක්ෂා කරන ලදී.

ඒ අනුව 2022 දෙසැම්බර් සිට 2023 අප්‍රේල් දක්වා කටුනායක සිට මැලේසියාවට ළමුන් 17ක් පිටත්ව යෑමේ රටාවක් හඳුනාගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත්ව තිබිණි.

මෙම දරුවන් සියලු දෙනාම දෙමළ ජාතිකයන් වන අතර ඒ අතරින් 13 දෙනෙකුගේ තොරතුරු හෙළිවී තිබිණි.

ඔවුන්ගෙන් අට දෙනෙකු යාපනයේ සහ පස් දෙනෙකු මඩකලපුවේ පදිංචිකරුවන් වේ.

මෙම දරුවන්ගේ මව්පියන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන් ප්‍රකාශකර ඇත්තේ යුරෝපයේ සිටින තම ඥාතීන් රුපියල් මිලියන ගණනක් ගෙවා තම දරුවන් එවැනි රටවලට යැවීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

 

42.31%
17.27%
32.76%