April 1, 2025

තනතුර අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ව්‍යවස්ථා විරෝධී බවට හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ කළ ප්‍රකාශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කරයි.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍ය නානායක්කාර පැවසුවේ, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රධාන කරුණු කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ඔහුගේ රාජකාරි ඉටු කිරීම වළක්වාලමින් නියෝග නිකුත් කර ඇති බව ඔහු පැහැදිලි කළේය.

“ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමින් තෙන්නකෝන්ගේ පත්වීම නීති විරෝධී යන පදනම මත අභියෝගයට ලක් කර තිබෙනවා. ඔහු පොලිස්පති නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය කිසිඳු ආකාරයකින් පවසා නැහැ. ඔහුට එම තනතුරේ ඔහුගේ රාජකාරි ඉටු කිරීමයි වළක්වා තිබෙන්නේ. මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඔහු පොලිස්පති ලෙස සැළකෙන බැවින්. මෙම නඩුවේ පදනම නීති විරෝධී පත්වීම. තෙන්නකෝන් පොලිස්පති නොවන බවට විජයදාසගේ ප්‍රකාශ මෙයින් පරාජය වෙනවා,” ඔහු පැවසීය.

අනෙක් අතට, දේශබන්දු තෙන්නකෝන්ගේ විෂමාචාරයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය.

“ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම තෙන්නකෝන්ගේ නීති විරෝධී පත්වීම සම්බන්ධයෙන්, විශ්වාසභංග යෝජනාව ඔහුගේ හැසිරීමට විරුද්ධවයි. එබැවින්, මෙය අධිකරණමය වශයෙන් සැළකෙන්නේ නැහැ. මෙම සිද්ධිය සම්පූර්ණ වෙනස්. මෙය නැවතත් විජයදාසගේ ප්‍රකාශය වැරදි බව ඔප්පු කරනවා. එබැවින්, රජය ලෙස, අප කළ දේ නිවැරදියි,” යනුවෙන් ඔහු පැවසීය.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ නීති උපදෙස් මත පදනම්ව විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙන යන බවයි.

දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරය නොසළකන බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බවට මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කිරීමෙන් පසුව අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අදහස් පළ කිරීම සිදු විය.

“පොලිස්පති ධුරය දරන කෙනෙකුට එරෙහිව පමණක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එබැවින්, කථානායකවරයා විශ්වාසභංග යෝජනාව පිළිගැනීම ව්‍යවස්ථා විරෝධීයි ,” යනුවෙන් විජයදාස රාජපක්ෂ පැවසීය.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කරන කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පත් කිරීමට අවශ්‍ය වනු ඇතැයි ද විජයදාස රාජපක්ෂ තවදුරටත් පැවසීය.

“දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීරණය කර තිබෙනවා, අනෙක් අතට ඔහු එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණයක් පැවැත්වෙනවා. මෙය කිසිදු නීතිමය සහායක් නොමැති ක්‍රියාවක්,මෙම පියවර මගින් පාර්ලිමේන්තුව සහ අධිකරණය යන දෙකම හෑල්ලුවට ලක් කරනවා” යැයි ඔහු පැවසුවේය.

අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමේ යෝජනාවක් 2025 මාර්තු 25 වැනි දින පාර්ලිමේන්තු කථානායක ජගත් වික්‍රමරත්න වෙත භාර දී තිබිණි.

යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 115 දෙනෙක් අත්සන් තැබූහ