June 5, 2024

ශ්‍රී ලංකාව තුළ උද්භිද උද්‍යාන 10ක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ.

අද පාර්ලිමේන්තුව අමතමින් අගමැති දිනේෂ් ගුණවර්ධන කියාසිටියේ ශ්‍රී ලංකාවේ දැනට උද්භිද උද්‍යාන පහක් පවතින අතර ඒවා පේරාදෙණිය, නුවරඑළිය, ගම්පහ, අවිස්සාවේල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇති බවයි.

නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් අගමැතිවරයා කියාසිටියේ මෙරට දේශගුණික කලාප පදනම් කර ගනිමින් තවත් උද්භිද උද්‍යාන 10ක් ස්ථාපිත කරන බවයි.

ඒ අනුව ගාල්ල, වව්නියාව, අම්පාර, පොළොන්නරුව, දෙනියාය ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල උද්භිද උද්‍යාන ස්ථාපිත කෙරේ.

“ගාල්ල අක්මීමන ප්‍රදේශයේ කඩොලාන උද්භිද උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. වව්නියාව, අම්පාර, පොළොන්නරුව සහ දෙනියාය යන ප්‍රදේශවල උද්භිද උද්‍යාන ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.” යැයි ඔහු සඳහන් කළේය.

උද්භිද උද්‍යාන රට පුරා සිටින ජනතාවට, විශේෂයෙන්ම පාසල් දරුවන්ට ප්‍රයෝජනවත් වන බව අගමැතිවරයා අවධාරණය කළේය.

අගමැතිවරයා මෙමනිවේදනය අදට (ජුනි 05) යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව සිදුකළේය.

42.31%
17.27%
32.76%