Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට දේශපාලන කරළිය තුළ වර්තමානයේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය නිල නිවසින් ඉවත් වන ලෙස දන්වමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන් දිගින් දිගටම කරන ප්‍රකාශවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළිත් ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශයක් කරමින් පවසන්නේ රජය විසින් නීත්‍යානුකූලව ලිඛිතව වලංගු දැනුම්දීමක් සිදුකරන තෙක් හිටපු ජනාධිපතිවරයා විජේරාම මාවතේ පිහිටි නිවසින් ඉවත්නොවන බවයි.
කෙසේවෙතත්, ඉකුත් දා ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, මහින්ද රාජපක්ෂට කොළඹ 7 විජේරාම මාවතේ දැනට පවතින නිල නිවසේ කුමන හේතුවක් මත හෝ රැඳී සිටීමට රජය ඉඩනොදෙන බවයි.
ඒ අනුව, ජනාධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිතයින්ගේ අඛණ්ඩ ප්‍රකාශ මධ්‍යයේ මහින්ද රාජපක්ෂ සිය නිල නිවසින් ඉවත් වන්නේ දැයි ඩේලි මෝනිං කළ විමසීමකදී නීතීඥ මනෝජ් ගමගේ පවසා ඇත්තේ, මහින්ද රාජපක්ෂට එම නිල නිවසින් ඉවත්වන ලෙසට ලිඛිත දැනුම්දීමක් රජය මෙතෙක් නිකුත් කර නොමැති බවයි.
”ජාතික ජනබලවේගය යනු නීත්‍යානුකූලව තේරී පත් වූ ආණ්ඩුවක්. මැරයෝ වගේ මහින්ද රාජපක්ෂට නිල නිවසෙන් අයින් වෙන්න කියලා රට වටේ කියකිය යන්න ඕන නැහැ. ඔවුන් කළයුත්තේ ලිපියක් නිකුත් කිරීම පමණයි. නමුත්, ඔවුන් එය එහෙම කරන්නේ නැත්තේ ඇයි? ඒ තමන්ට බැරි බව දන්න නිසා. පවතින නීතිමය ප්‍රතිපාදන අනුව එය කිරීමට ඔවුන්ට බලයක් නොමැති නිසා” ඔහු පෙන්වාදෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති නීතීඥ මනෝජ් ගමගේ පවසන්නේ, මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින නිල නිවස ඔහු ජනාධිපතිව සිටි කාලයේ ලබාගත් එකක් නොවන බවයි.
එය ලබාදුන්නේ 2015 වසරේ බලයට පත් වූ යහපාලන රජය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිල නිවසින් ඉවත්වන ලෙස රජය ලිඛිත දැනුම්දීමක් කළහොත් ඊට ගරුකර පිටව යනු ඇති බවත්, එසේ නොමැතිව ඔහු තර්ජනාත්මක ප්‍රකාශවලට බියෙන් ඔහු ඉන් පිටව නොයන බවත් නීතීඥ මනෝජ් ගමගේ අවධාරණය කරයි.
මේ අතර ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසන්නේ, නිවසින් පිටව යන ලෙස මහින්ද රාජපක්ෂට ලිපියක් නිකුත් නොකරන බවයි.
ඔහුට හෘද සාක්ෂියක් ඇත්නම් නිල නිවසින් ඉවත් විය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
“ඔහු ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරන්නේ නම්, නීතිමය ප්‍රතිපාදන ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එම අවස්ථාවේ දී ඔහුට නීතිමය ප්‍රතිපාදනවලට අනුකූල වීමට සිදුවෙයි. අපි ලිපියක් නිකුත් කරන්නේ නැහැ, නමුත් නීතිමය ප්‍රතිපාදන අනුව එය සිදුකරනවා. ඔහු නීතියට අවනත වී පිටව යා යුතුයි.” නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ජනමාධ්‍ය හමුවේ පැවැසීය.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ගමගේ පවසන්නේ, පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ රාජපක්ෂට ඔහුගේ නිල නිවසෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටිය නොහැකි බව රජයේ නියෝජිතයන් විසින්ම පිළිගෙන ඇති බවයි.
“ලිපියක් නිකුත් නොකරන බවත් ඒ වෙනුවට නව නීති සම්පාදනය කරන බවත් පැවසීමෙන් ඔවුන් පිළිගන්නේ පවතින තත්ත්වය යටතේ තමන්ට ක්‍රියාකළ නොහැකි බවයි. එපමණක්ද නොව රජය විසින්ම එය පිළිගෙන තිබෙනවා. උපදේශකයන් ජනාධිපතිවරයාට නිසි මගපෙන්වීමක් ලබා දිය යුතුයි ” ඔහු පෙන්වාදෙයි.
මේ අතර රජය නිල වශයෙන් දැනුම් දෙන්නේ නම් මහින්ද රාජපක්ෂ සිය නිල නිවසින් ඉවත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ද පවසයි.
ඊයේ (3) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැහැදිලි කළේ යහපාලන රජය විසින් මෙම නිවස නිල වශයෙන් මහින්ද රාජපක්ෂට ලබා දුන් බැවින් ඉන් ඉවත් වන ලෙස නිල වශයෙන් දැනුම් දිය යුතු බවයි.
එලෙස දැනුම් දුන හොත් මහින්ද රාජපක්ෂ වහාම නිවසින් පිටව යන බවත්, එබැවින් ඒ පිළිබඳව තැනින් තැන ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් සාගර කාරියවසම් වැඩිදුරටත් අවධාරණය කළේය.
නිල නිවස ලබාදීමෙන් පසු රාජපක්ෂට එල්ල වූ ජීවිත තර්ජන පිළිබඳ වගකීම රජය භාරගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස ඇතුළු වරප්‍රසාද කප්පාදු කිරීමට පියවර ගන්නා බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය ප්‍රතිඥා දී ඇත.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මේ වන විට ජීවත් වන්නේ රජය විසින් සපයන ලද නිල නිවාසවල ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart