May 31, 2024

රුසියානු – යුක්රේන යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකිකයන් 455 දෙනකු පිළිබඳව පවුල්වල සාමාජිකයින්ගෙන් බලධාරීන්ට පැමිණිලි ලැබී ඇති බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය පවසයි.

“ඉදිරි පෙරමුණේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව රුසියානු රජය සමඟ සමීපව කටයුතු කරයි. රජයන් දෙකම අතර සමීප සහයෝගීතාවයෙන් මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳා ගැනීමට අපට හැකි වනු ඇතැයි අපි සුබවාදීව සිටිමු.” ඔහු පැවසීය.

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ රුසියානු නිලධාරීන් සමග පළමු හමුව අද පැවැත්වීමට නියමිතයි. “අද මොස්කව්හිදී, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සහ ආරක්ෂක අනුයුක්ත නිලධාරින් අතර, ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක් පැවැත්වෙනු ඇත,” කොළඹ රුසියානු තානාපති Levan Dzhagaryan, රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පෙරේදා පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී කොළඹදී පැවසීය.

“තත්වය සමථයකට පත් කිරීමේ අඛණ්ඩ උත්සාහයේ පළමු පියවර එය වනු ඇත.”

රුසියානු ආරක්ෂක නිලධාරීන් හමුවීමට දූත පිරිසක් යැවීමට ද ශ්‍රී ලංකාව සැලසුම් කර තිබේ.

රුසියානු පෞද්ගලික හමුදා සමාගම්වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් 600 ත් 800 ත් අතර සංඛ්‍යාවක් යුද පෙරමුණේ සිටින බව එරටින් ආපසු පැමිණි අය පවසා ඇත. මේ වන විට 26 දෙනෙකු ආපසු පැමිණ ඇති අතර 14 දෙනෙකු ‘අතුරුදහන්’ වී ඇති බව රාජ්‍ය ඇමැති බාලසූරිය පැවසීය.

ආපසු පැමිණි අය පවසා ඇත්තේ ඔවුන්ට ඉහළ වැටුප් ලබාදෙන බට පොරොන්දුවී ඔවුන් කඳවුරු හෝ අල්ලා ගත් භූමිය ආරක්ෂා කිරීමට යොදවා ඇති බවයි.

එහෙත් පොරොන්දු වෙනුවට, රුසියාවට ගිය පුද්ගලයින් යුක්රේන ඩ්‍රෝන යානාවලින් යුද පෙරමුණට වහාම යොමුකර තිබේ.

ඇතැමුන් රුසියාවට යෑමට නියෝජිතයන්ට ගෙවීමට ණය වී ඇති බවත් ඔවුන්ට සම්පූර්ණ වැටුප් නොගෙවන බවත් අනාවරණ වී ඇතැයි රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය සඳහන් කළේය.

“ඔවුන්ට වැටුප් ගෙවන සෑම විටම ඔවුන්ගේ වැටුප් අඩුකරන අතර මේ අයගෙන් සමහරෙකු පැමිණ අපට පැමිණිලි කර තිබෙනවා,” ඔහු පැවසීය.

පුද්ගල ජාවාරම් සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු නියෝජිතයින් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

42.31%
17.27%
32.76%