February 21, 2025

2024 වසරේදී කැසිනෝ සහ සූදු බදුවලින් රජය රුපියල් බිලියන 13.5ක් උපයා ඇති බව මුදල් අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

2024 දී ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්ද මගින් මෙරටට රුපියල් මිලියන 8,447 ක ආදායමක් හිමිව ඇති අතර එය 2023 දී රුපියල් මිලියන 7,421 ක් විය.

කැසිනෝ බලපත්‍ර ගාස්තු මගින් උපයා ඇති මුදල රුපියල් බිලියන 5.1ක් බව ද පැවැසේ.

2025 අයවැයෙන් දළ ලැබීම් සඳහා බද්දක් ඉහළ නංවා ඇති අතර ඇතුළුවීමේ ගාස්තුව ඩොලර් 50 සිට ඩොලර් 100 දක්වා දෙගුණ කර ඇත.