Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා සුපිරි ඩීසල් 4 යුරෝ 4 සහ ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 යන ඉන්ධන මිල අඩු කිරීමේ දී රජය ජනතාවට ඇස් බැන්දුමක් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය දා සිදුවූ ඉන්ධන මිල සංශෝධනය මගින් ජනතාව නොමග යවා ඇති බවයි.
ඉන්ධන මිල රුපියල් 9කින් සහ10කින් අඩු කිරීමෙන් ජනතාවට වැඩක් නොමැති බවත් තමන් 2022 දී සඳහන් කළ පරිදි ඉන්ධන මිල උපරිම වශයෙන් රු. 200කින් පහළ දැමිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනක රත්නායක කියා සිටියේ විදුලිබල ඇමැතිවරයා විසින් X සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කළ ඉන්ධන මිල සහ එහි සූත්‍රයද වැරදි බවයි.
“ලෝක වෙළෙඳ පොළේ ප්‍රවණතා අනුව ඉන්ධන මිල ගණනය කළහොත් රුපියල් 200ක උපරිමයකින් ඉන්ධන මිල අඩු කළ හැකියි. ආණ්ඩුවට බලකරමින් තම ඉල්ලීම් ඉටු කරගැනීමට ජනතාවට සහ සිවිල් සංවිධානවලට අයිතියක් තිබෙනවා. රජය තීරණ ගන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අවශ්‍යතා අනුවයි,” ඔහු චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart