January 3, 2024

වසර ගණනාවක් පැවති මතගැටුම්වලින් පසුව, යුරෝපා සංගමය අවසානයේ ජංගම සන්නිවේදන උපකරණ ආරෝපණය (චාර්ජ් කිරීම)සම්බන්ධ නව එකඟතා කිහිපයකට එළැඹ තිබේ.

ඒ, 2024 සිට USB-C සමූහය පුළුල් පරාසයක ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා ආරෝපණ ප්‍රමිතිය බවට පත්කිරීමත් සමගය.

මෙය පාරිභෝගික පහසුව සහ පාරිසරික තිරසාරත්වය සඳහා සැළකිව යුතු ජයග්‍රහණයක් සනිටුහන් කරයි.

2022 ඔක්තෝබර් මාසයේදී සම්මත කරන ලද මෙම එකඟතා යටතේ ජංගම දුරකථන, ටැබ්ලට්, කැමරා, හෙඩ්ෆෝන්, ඊ-රීඩර් යන්ත්‍ර සහ තවත් බොහෝ බහුකාර්ය දේ USB-C ආරෝපණ ප්‍රමිතියට යටත්වනු ඇත.

මෙයින් අදහස් කරන්නේ ගැළපෙන ආරෝපණයක් සඳහා මිතුරන්ට ආයාචනා කිරීම සහ තවත් තනි භාවිත ඇඩැප්ටරයක් මිලදී නොගැනීමට අවස්ථාව උදාවන බවයි.

ලැප්ටොප් වැනි ඇතැම් උපාංග සඳහා තාවකාලික නිදහස් කිරීම් පවතින අතර, EU USB-C ප්‍රමිතියේ ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීමට කැපවී සිටී.

2026 වන විට, කලාපයේ අලෙවි කරන සියලුම ලැප්ටොප් පරිගණක ද පොදු විශ්ව ආරෝපණ ප්‍රමිතිය සහිතව සකස්කිරීමට අවශ්‍ය වනු ඇත.

සියල්ල වෙනුවෙන් එක් චාජරයක් යන්න සැමගේ ජයග්‍රහණයක් බව යුරෝපා සංගමය පවසයි.