February 6, 2025

2022 අරගලය අතරතුර දේපළ හානි සිදුවූවා යැයි පවසමින් වන්දි ලබාගත් හිටපු රජයේ මැති ඇමැතිවරුන් 43 දෙනෙකුගේ ලැයිස්තුවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.

අමාත්‍යවරයාට අනුව, හිටපු රජයේ මන්ත්‍රීවරුන් පිරිස රුපියල් බිලියන 1.224ක වන්දියක් ලබාගෙන ඇත.

මෙලෙස සීමාවන් ඉක්මවා අධික වන්දි ලබාගැනීම සඳහා හිටපු රජයේ මැති ඇමතිවරු බලය අවභාවිත කර ඇති බවට ඇමැති ජයතිස්ස චෝදනා කළේය.

වන්දි ලබාගෙන ඇති මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින්:

1.⁠ කපිල නුවන් අතුකෝරළ – රු. 504,000
2.⁠ විමලවීර දිසානායක – රු. 550,000
3.⁠ ගීතා කුමාරසිංහ – රු. 972,000 කි
4.⁠ ජනක තිස්ස කුට්ටිආරච්චි – රු. මිලියන 1.143 කි
5.⁠ ⁠ගුණපාල රත්නසේකර – රු. මිලියන 1.41278 කි
6. ⁠ප්‍රේම්නාත් සී. දොලවත්ත – රු. මිලියන 2.3 කි
7. ⁠ප්‍රියංකර ජයරත්න – රු. මිලියන 2.348 කි
8. ⁠සමෝත් අතුකෝරළ – රු. මිලියන 2.54061 කි
9. ⁠ජයන්ත කැටගොඩ – රු. මිලියන 2.8148 කි
10.⁠ විමල් වීරවංශ – රු. මිලියන 2.954 කි
11.⁠ චන්න ජයසුමන – රු. මිලියන 3.334
12.⁠ ⁠අකිල එල්ලාවල – රුපියල් මිලියන 3.55425
13.⁠ ⁠චමල් රාජපක්ෂ – රුපියල් මිලියන 6.539374
14.⁠ ⁠චන්දිම වීරක්කොඩි – රුපියල් මිලියන 6.9488
15.⁠ ⁠අශෝක ප්‍රියන්ත – රුපියල් මිලියන 7.295
16.⁠ ⁠සමන්ප්‍රිය හේරත් – රුපියල් මිලියන 10.502
17.⁠ ⁠ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් මිලියන 10.55
18.⁠ ⁠රෝහිත අබේගුණවර්ධන – රුපියල් මිලියන 11.64
19.⁠ ⁠ආචාර්ය සීතා අරඹේපොල – රුපියල් මිලියන 13.78 කි
20.⁠ සහන් ප්‍රදීප් – රු. මිලියන 17.13 කි
21. ⁠ෂෙහාන් සේමසිංහ – රු. මිලියන 18.51 කි
22.⁠ ඉන්දික අනුරුද්ධ – රු. මිලියන 19.55 කි
23.⁠ මිලාන් ජයතිලක – රු. මිලියන 22.3 කි
24.⁠ වෛද්‍ය රමේෂ් පතිරණ – රු. මිලියන 28.1 කි
25.⁠ ⁠දුමින්ද දිසානායක – රු. මිලියන 28.8 කි
26. ⁠කනක හේරත් – රු. මිලියන 29.2 කි
27. ඩී.බී. හේරත් – රු. මිලියන 32.1 කි
28.⁠ ප්‍රසන්න රණවීර – රු. මිලියන 32.7
29.⁠ ⁠ඩබ්ලිව්. ඩී. වීරසිංහ – රුපියල් මිලියන 37.2
30.⁠ ⁠ශාන්ත බණ්ඩාර – රුපියල් මිලියන 39.1
31.⁠ ⁠එස් එම් චන්ද්‍රසේන – රුපියල් මිලියන 43.8
32.⁠ ⁠සනත් නිශාන්ත – රුපියල් මිලියන 42.7
33.⁠ ⁠සිරිපාල ගම්ලත් – රුපියල් මිලියන 50.9
34.⁠ ⁠අරුන්දික ප්‍රනාන්දු – රුපියල් මිලියන 55.2
35.⁠ ⁠සුමිත් උඩුකුඹුර – රුපියල් මිලියන 55.9
36.⁠ ⁠ප්‍රසන්න රණතුංග – රුපියල් මිලියන 56.1
37.⁠ ⁠කෝකිලා ගුණවර්ධන – රුපියල් මිලියන 58.7
38. මොහාන් පී ද සිල්වා – රුපියල් මිලියන 60.1
39. නිමල් ලන්සා – රුපියල් මිලියන 69.2
40. අලි සබ්රි රහීම් – රුපියල් මිලියන 70.9
41. ගාමිණී ලොකුගේ – රුපියල් මිලියන 74.9
42. ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් මිලියන 93.4
43. කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් මිලියන 95.9

42.31%
17.27%
32.76%