January 14, 2024

මහනුවර රෝහලේ ශල්‍යාගාරයට ඇතුළු වීමට පෙර වෛද්‍යවරුන් භාවිත කරන ඇඳුම් මාරු කරන කාමරයක් ජංගම දුරකථනයෙන් රූගත කළ බව කියන සුළු සේවකයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සේවකයා දුරකථනයේ කැමරාව සක්‍රිය කර කාමරයේ සඟවා තිබූ බවට චෝදනා එල්ල වේ.

වෛද්‍යවරියක දුරකථනය දැක ඇති අතර එය පරීක්ෂා කිරීමේදී වීඩියෝ රූගත කිරීම ක්‍රියාත්මකව ඇති බව ඇයට වැටහී තිබේ.

සේවකයා පොලිසියට භාරදී ප්‍රශ්න කිරීමේදී ඔහු මීට පෙර එම කාමරයේම වීඩියෝ රූගත කිරීමට පුරුදුව සිට ඇති බව අනාවරණ වී ඇති අතර, එවැනි වීඩියෝවක් ඔහුගේ දුරකථනයේ ගබඩා කර තිබීයදී හමුවී ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%