December 23, 2023

අකුණු සැර වැදීමකදී රටපුරා විදුලිය විසන්ධිවීම වැළැක්වීම සඳහා කල්තියා පියවර ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන තිබේ.

අකුණු සැර වැදීමෙන් කොත්මලේ – බියගම ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගය ක්‍රියා විරහිතවීමත් සමඟ පසුගියදා රටම විදුලිය විසන්ධි විය.

ඊට හේතුව විමසූ විට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු කියාසිටියේ විදුලිබල මණ්ඩලය එවැනි තත්ත්වයක් වැළැක්වීමට පියවර නොගැනීමේ වරද පිළිගත් බවයි.

කෙසේ වෙතත්, අකුණු මඟින් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා උසස් ක්‍රමවේද ස්ථාපනය කිරීමට විදුලිබල මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ඔහු පැවසීය.

“ලබන මාසයේ රැස්වීමේදී ගතයුතු ක්‍රියාමාර්ග කොමිසම සාකච්ඡා කරනවා” ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%