December 20, 2023

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ නීතීඥයන් ගොනුකර තිබූ ඇප අයැදුම්පත විභාග කිරීම 2024 ජනවාරි 04 වැනි දිනට කොළඹ මහාධිකරණය අද නියම කර තිබේ.

එම ඇප අයැදුම්පත මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එය මෙසේ කල්තබා ඇත.

බෞද්ධාගම සහ අනෙකුත් ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් පළකිරීම සම්බන්ධයෙන් ඔහුව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

42.31%
17.27%
32.76%