Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ඇති රුපියල් කෝටි 10ක පමණ වටිනාකමකින් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරු වෙත ලබාදෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
තවදුරටත් අදාළ රථ වාහන රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් අවස්ථාව ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මෙම නියෝගය නිකුත් කර ඇති බව ‘අද දෙරණ’ වාර්තා කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම දේපොළ අත්පත් කරගැනීම සඳහා මහාධිකරණයෙන් නිසි පරිදි නියෝග ලබාගෙන නොමැති බව පවසමින් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ දැඩි විරෝධයක් පළකර ඇති බව ද සඳහන් වේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මළලගේ සුදත් කිත්සිරි නොහොත් ‘වැලිවිට සුද්දා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව පවසමින් ඔහුගේ සහෝදරියක සතු ව තිබූ සුඛෝපභෝගී බස් රථ පහක්, නවීන මෝටර් රථයක් සහ යතුරුපැදියක් කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart