April 7, 2024

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික ‘කැවිලි’ මේසයක් සකස් කිරීමේ පිරිවැය 2023ට සාපේක්ෂව 2024 දී අඩු වී ඇති නමුත් එය 2019 දී මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් (Verite Research) ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන PublicFinance.Lk වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, 2019දී රුපියල් 232ක් වශයෙන් ගණනය කර ඇති කොකිස් 20ක් 2024දී රුපියල් 457ක් වේ.

කෙසෙල්, කිරිබත්, අලුවා, කැවුම්,බටර් කේක්, දොදොල් සහ මුං කැවුම් යනාදී අවුරුදු කෑම මේසයට අවශ්‍ය අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල ගණන්ද 2019ට සාපේක්ෂව දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

පහතින් දැක්වෙන්නේ, PublicFinance.Lk වෙබ් අඩවිය ගණනය කර ඇති අවුරුදු කෑම මේසයේ මිල ගණන්ය.