December 27, 2023

සිය බිරිඳට පහරදී තම 13 හැවිරිදි දියණිය ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන වව්නියාව ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවයෙහි නියුතු පොලිස් කොස්තාපල්වරයකු අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (25) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයගේ බිරිඳ අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත 25 දින සවස සිදුකළ පැමිණිල්ලක් මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 38 වැනි වියෙහි පසුවන අයකු බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ පදිංචි සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, මේ පිළිබඳව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.(දිවයින)

42.31%
17.27%
32.76%