August 8, 2023

පොලිස් කොස්තාපල්වරයකුට ගඩොල් කැටයකින් පහරදී බරපතළ තුවාල සිදුකළ තවත් පොලිස් කොස්තාපල්වරයකු වාකරේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාකරේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලිසිය පවසයි.

පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.