Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයේ හූති කැරලිකරුවන් පසුගිය නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරිඉමත් සමග, දකුණු රතු මුහුදේ ඇති වී තිබෙන තත්ත්වයන් හේතුවෙන්, කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදාගැනීම මගින් එහි තදබදයක් ඇති වී තිබෙන බව එහි නිලධාරීහු ප්‍රකාශ කරති.
පසුගිය සති හය දක්වා කාලය තුළ, වරායේ පර්යන්ත තුනේ නැව්ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා සිට ඇති අතර, අසල්වැසි ඉන්දියාවෙන් ප්‍රතිනැව්ගත කිරීමේ පරිමාව ද වැඩි වී ඇති බව පර්යන්ත ක්‍රියාකරුවෝ පවසති.
කොළඹ පිහිටා ඇති උපාය මාර්ගික පිහිටීම හේතුවෙන්, වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාව සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ලාල් වීරසිංහ පවසයි.
“දකුණු අප්‍රිකාව පසුකර නැව් එන විට ඔවුන්ට හමුවන පළමු මධ්‍යස්ථානය කොළඹයි.. සිංගප්පූරුව තවත් ඈතයි. ඒ නිසා ප්‍රවේශ විය හැකි පහසුම වරාය මෙයයි” ඔහු සදහන් කරයි.
දැනට පවතින තදබදය ගනුදෙනුකරුවන්ට ප්‍රමාදයක් ඇති කරන නිසා, ගමනාගමනය වැඩි කිරීම සඳහා නැව් මාර්ග හතරකින් පමණ ඉල්ලීම් ලැබී ඇති නමුත් ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart