March 28, 2024

එක්සත් ජනපද ක්ෂණික ආහාර දැවැන්තයකු වන McDonald’s හි දේශීය බලයලත් හිමිකරුව සිටි සමාගම තම සමාගමේ කොටසක් නොවන බව අබාන්ස් පීඑල්සී(Abans PLC) අවධාරණය කර තිබේ.

මේ පිළිබඳ පවතින වාර්තා නිවැරදි සහ පැහැදිලි කිරීමේ අරමුණ ඇතිව Abans PLC විසින් කොළඹ කොටස් වෙළඳපොළට අද මෙම දැනුම්දීම සිදුකර තිබේ.

McDonald’s හි දේශීය බලයලත් සමාගම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත International Restaurant Systems (Private) Limited බව Abans PLC විසින් පෙන්වා දී ඇත.

එහි බහුතර කොටස් හිමියා වන්නේ කොටස්වලින් 98.73%කට හිමිකම් කියන Rusi Pestonjee සමාගමයි.

එම සමාගම Abans PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන බව අබාන්ස් පෙන්වාදී තිබේ.

“International Restaurant Systems (Private) Limited යනු Abans PLC හෝ එහි මව් සමාගම වන Abans Retail Holdings (Private) Limited හි අනුබද්ධිත ආයතනයක් හෝ ආශ්‍රිත ආයතනයක් නොවේ. ඉහත හේතුව නිසා සීමාසහිත International Restaurant Systems (Private) මූල්‍ය කටයුතු Abans PLC හි මූල්‍ය සමඟ ඒකාබද්ධ වී නොමැත,” යනුවෙන් Abans PLC පැහැදිලි කළේය.

Abans PLC පැවසුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීමේ රීතිවල 8 වැනි වගන්තියට අනුව සහ යහපාලනය අරමුණු කරගනිමින් මෙම තොරතුරු සපයන බවයි.