Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ මෙම මස 30 වැනිදායින් අනිවාර්ය නිවාඩු යැවෙන එහි සේවකයන් 292කට අදාළ වන්දි මුදල් සඳහන් කරමින් සතොස වැඩබලන සභාපති පසඳ යාපා අබේවර්ධන ලිපි යොමුකර ඇත.
එම වන්දි මුදල් කඩිනමින් ලබාදීමට සභාපතිවරයා පොරොන්දු වී ඇති අතර, වන්දි මුදලේ යම් ගැටලුවක් ඇත්නම් සංස්ථාවට ඉදිරිපත් කර නිවැරදි කරගන්නා ලෙස සේවකයන්ට දැනුම් දී තිබේ.
එමෙන්ම අනුමත වන්දි සූත්‍රය අනුව ඔවුන්ට හිමි වන්දි මුදල ගණනය කිරීමේදී වැරදි අර්ථ නිරූපණයක් මත වැඩිපුර මුදලක් ගණනය වී ඇත්නම් එම මුදල ගෙවීම් කිරීමේදී අඩු කරන බවද ඔහු සඳහන් කර ඇත.
මේ අතර, අනිවාර්ය නිවාඩු යවන සේවකයන් 292 ඊට දැඩි ලෙස විරෝධය දක්වන අතර, ඔවුන් සතොස ප්‍රධාන කාර්යාලය තුළ පෙරේදා (26) සිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
ඔවුන් ඉල්ලීම් කර ඇත්තේ, අනිවාර්ය නිවාඩු යෑමට අකමැති පිරිස් ලංකා සතොස සඳහා අනුයුක්ත කරන ලෙසය.
එමෙන්ම සතොස ඈවර කරන ලෙස පවසා මෙලෙස සේවකයන් ඉවත් කළද මෙතෙක් ඈවර කිරීම සඳහා නිලධාරියෙක් පත්කර නොමැති බවත්, ඒ අනුව මොවුන්ගේ සැලැස්ම වී ඇත්තේ, මෙම සේවකයන් ඉවත්කර නැවත නව සේවකයන් පිරිසක් බඳවාගෙන සංස්ථාව සුපුරුදු පරිදි පවත්වාගෙන යෑම බවත්, සත්‍යග්‍රහයේ නියුතු සේවකයන් සඳහන් කර ඇත.
එම නිසා මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව සත්‍යග්‍රහය සිදුකරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart