Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම සතිය මුලදී තාවකාලිකව වසාදැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ යළි විවෘත කිරීම පිළිබඳ නිවේදනයක් උපකුලපතිවරයා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, විද්‍යා,පරිගණක තාක්ෂණ සහ කළමනාකරණ අධ්‍යයන පීඨ දෙසැම්බර් 11 (සඳුදා) යළි විවෘත කෙරේ.
මේ අතර, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය දෙසැම්බර් 18 වැනිදා යළි විවෘත කිරීමට නියමිතය.
පහරදීමේ සිද්ධියක් හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨ නැවත දැනුම්දෙනතුරු පසුගිය සඳුදා වසාදැමිණි.
ඒ, අඟහරුවාදා පෙරවරු 8.00ට පෙර තම නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස සිසුන්ට දැනුම්දෙමිනි.
විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියකු රාත්‍රියේ විවේකාගාරයේ නිදාසිටියදී පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබිණි.
පසුව ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රවේශ ගේට්ටුවේ ගැටගසා ඇති බව වාර්තා විය.
සිසුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර මෙතෙක් පැවති සාමකාමී වාතාවරණයට මෙම සිද්ධිය අභියෝගයක් වූ බව පැවසූ උපකුලපතිවරයා, ඊට වගකිවයුත්තන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රතිඥා දී ඇත.
දෙසැම්බර් 05 වැනි දින සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් හතරදෙනකුගේ පන්ති තහනම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart