December 26, 2023

තමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න නොකළ බවත්, තමා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී එම දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් බවත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කරන ඇමතිවරයා මෙසේද සඳහන් කරයි.

“ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධය පිළිබඳව ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත එවකට ඒ මහතාගේ
උපදේශක ලෙස කටයුතු කළ ආචාර්ය සංජය පෙරේරා මහතා විසිනි.

එහෙත් එකී තත්ත්වය වසන් කරමින් විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් විසින් අසත්‍ය ප්‍රචාර ගෙනයාම නිසාවෙන් හා අදාළ සිද්ධියට අදාළව අමාත්‍යතුමා සතු ලිඛිත මෙන්ම අනිකුත් සාක්ෂි පරීක්ෂණ වඩාත් විධිමත්ව කරගෙන යාමට අවශ්‍ය බව ගරු අමාත්‍යතුමාට හැඟී ගිය හෙයින් අමාත්‍යතුමාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ යූ.ආර්. ද. සිල්වා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීමකට අනුව පරීක්ෂණ කටයුතු වලට සහාය වීමට අමාත්‍යතුමා විසින් ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදීම අද (26) දින සිදුවිය.”

යැයි ඊට අදාළව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වඩිදුරටත් සඳහන් වේ.

42.31%
17.27%
32.76%