
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පසුගිය පෙබරවාරි මාසයේදී පත් වූ ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.
2025 පෙබරවාරි 10 වැනි දින උන්වහන්සේ රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත්කරනු ලැබීය.
කෙසේවෙතත් පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් සිය ඉල්ලා අස්වීම දැනුම් දී ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ.
කුලපති ධුරය විසින් භේදයක් ඇතිකරන්නේ නම් හෝ යම් අයුරකින් අසමගියක් ඇති කරන්නේ නම් හෝ සංඝ සමගිය බිඳවැටීමකට තුඩු දෙන්නේ නම් තනතුරට වඩා සංඝ සංහිඳියාව රැකගැනීම වැදගත් කොට සළකන බව උන්වහන්සේ සිය ලිපියෙන් දන්වා ඇතැයි පැවසේ.
රුවන්වැලි මහා සෑ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥාණතිලක හිමියන් එම ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ සිදුකෙරුණු එම පත්කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය මධ්‍යයේ පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබේ.
කුලපති ධූරය වසර පහක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන්ගේ ධූර කාලය මේ මස අවසන් වීමට නියමිතව තිබුණද උන්වහන්සේගේ ධූර කාලය අවසන් වීමට පෙර රජය විසින් නව පත්වීමක් සිදුකර තිබිණි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන්ගේ ධූර කාලය දීර්ඝ කර නොතිබූ අතර ඒ වෙනුවට පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත්කෙරිණි.
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට නව පත්කිරීම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ කනස්සල්ල මතුව තිබූ අතර, එය ආචාර්ය පූජ්‍ය ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන්ගේ ඉල්ලා අස්වීමට හේතු වන්නට ඇතැයි පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart