Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩොලර් බිලියන 4.2ක චීන ණය ගනුදෙනුවට අදාළ කොන්දේසි රජය විසින් සෙසු ණය හිමියන් සමඟ බෙදාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබේ.
බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට, අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් තවත් ණය ලබාගැනීම සඳහා මග පාදමින් ඩොලර් බිලියන 4.2ක චීන ණය ගනුදෙනුවට අදාළ කොන්දේසි රජය ඉන්දියාව වැනි අනෙකුත් ප්රමුඛ ණය හිමියන් සමඟ බෙදාගෙන ඇති බව මහ බැංකු ප්‍රධානියා පවසා තිබේ.
ජපානය, ඉන්දියාව සහ පැරිස් සමාජය විසින් මෙහෙයවනු ලබන නිල ණය හිමියන්ගේ කමිටුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා දැන් ගිවිසුමක් යෝජනා කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
කොළඹදී පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ,වසර අවසානයට පෙර ඩොලර් මිලියන 330ක ගෙවීමක් අනුමත කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉඩ සැලසෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
චීනයේ අපනයන-ආනයන බැංකුව සමඟ මෑතකාලීනව ශ්‍රී ලංකාව ඇතිකරගත් ණය ගනුදෙනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ඉන්දියාව වැනි ණය දෙන රටවල් මවිතයට පත්කළ අතර, ඇතැමුන් ගිවිසුමේ විනිවිදභාවයක් නොමැතිකම ගැන කනස්සල්ල පළකර තිබිණි.
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයදෙන්නා වන චීනය නිල ණය හිමියන්ගේ කමිටුවේ කොටසක් නොවේ.
චීන ගිවිසුම පිළිබඳ තොරතුරු මේ වනවිට ණයහිමි කමිටුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ බෙදාගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
“නිල ණය හිමියන්ද ඔවුන්ගේ සහයෝගය සහ ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා, එවිට අපට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය සහන වැඩසටහන සමඟ ඉදිරියට යා හැකිය”, යනුවෙන් ඔහු පැවසීය.
කෙසේවෙතත්, ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී චීන ගනුදෙනුවේ කොන්දේසි හෙළිකර තිබුණේ නැත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඩොලර් බිලියන 03ක ණය පැකේජයක් යටතේ අරමුදල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව එහි ද්විපාර්ශ්වික ණය හිමියන් සහ බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමකට එළඹීමට උත්සාහ කර තිබිණි.
දශක හතක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට පසුගිය වසරේ මුහුණදීමත් සමග ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ණය පැහැරහැරීමට සිදුවීමෙන් පසු, ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීමට එය උපකාරී වනු ඇති බවට විශ්වාසය පළවේ.
“අපි නිවැරදි දිශාවට ගමන් කරනවා,” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පවසයි.
රජයේ අනුග්‍රහය නොලද ඩොලර් බැඳුම්කර හිමියන් පිරිසකගෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාවක්ද ශ්‍රී ලංකාවට ලැබී ඇත.
වාණිජ ණය දෙන්නන් සමඟ බලධාරීන් අඛණ්ඩව සම්බන්ධ වී සිටින බවත්, ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ ණය යෝජනාව තක්සේරු කිරීමට ඔවුන් බලාසිටින බවත් ඔහු සඳහන් කරයි.
වෘත්තීය මහ බැංකුකරුවකු වන නන්දලාල් වීරසිංහ 2022 අප්‍රේල් මාසයේදී මහ බැංකු අධිපති ධූරයට පත්වූයේ, ඉන්ධන සහ විදුලියේ සිට බෙහෙත් දක්වා සෑම දෙයකම හිඟයක් ඇතිව ආර්ථිකය කඩාවැටෙමින් තිබියදීය.
එම වසරේ අගභාගයේදී උද්ධමනය 70%කට ආසන්න උච්චතම අගයකට පැමිණි අතර, කෝපයටපත් විරෝධතාකරුවන් හේතුවෙන් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පළායෑමටද සිදුවිය.
උද්ධමනය දැන් 1.5% දක්වා පහත වැටී ඇති අතර, විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 3.6 දක්වා ඉහළ ගොස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයද ලිහිල් වී ඇත.
මහ බැංකුව විනිමය අනුපාතිකය වෙළෙඳ පොළ බලවේග වෙත ලබාදෙන අතර, අවස්ථාව සැලසෙන විට අස්ථාවරත්වය සමනය කිරීමට සහ සංචිත රැස්කිරීමට පමණක් මැදිහත් වන බව මහ බැංකු අධිපතිවරයා යළි අවධාරණය කර ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල්ද සමග මෙරට ඩොලර් බැඳුම්කර 70% කට ආසන්න ප්‍රමාණයක් ආපසු ලැබෙනු ඇති අතර, එය ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රකෘතිය පිළිබඳ ශුභවාදී හැඟීමක් ඇති කරමින් තිබේ.
මහ බැංකු අධිපතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සුරක්ෂිත කිරීමේ ප්‍රධාන භූමිකාවක් ඉටුකර ඇති අතර ණයහිමියන් සමඟ ණය සාකච්ඡාවල ප්‍රධාන චරිතයක් වී ඇත.
ඔහු නම්‍යශීලී උද්ධමන ඉලක්ක පාලන තන්ත්රයක් සහ ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම හරහා මිල ස්ථායීතාවය සහතික කිරීම අරමුණු කරගත් නව මහ බැංකු පනතක්ද ඉදිරිපත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart