January 25, 2024

මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ බුෆේ මැදිරිය අධිකරණ නියෝගයකට අනුව පෙබරවාරි 8 වැනිදා දක්වා තාවකාලිකව මුද්‍රා තැබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මඩකලපුව මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පසුගිය සඳුදා (22) බුෆේ මැදිරියේ කළ හදිසි පරීක්ෂාවකින් අනතුරුව මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.

එම හදිසි පරීක්ෂාවේදී බුෆේ මැදිරිය අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බව එම පිරිසට නිරීක්ෂණය වී ඇති බවදුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බුෆේ මැදිරිය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන ලෙස මීට පෙර උපදෙස් දී තිබුණ ද එය එලෙසම පවත්වා ගෙන ගොස් තිබේ.

එම නිසා පැමිණිල්ල විභාග කර එම මැදිරියට මුද්‍රා තැබීමට අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

මෙම පැමිණිල්ල මඩකලපුව මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ දුම්රියේ බුෆේ මැදිරිය පෙබරවාරි 8 වනදා දක්වා සීල් තබන ලෙසයි.

ඒ අනුව මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ බුෆේ මැදිරිය මඩකලපුව දුම්රිය ස්ථානයේදී මුද්‍රා තැබූ අතර, එම දුම්රිය මඩකලපුව දුම්රිය ස්ථානයෙන් ඊයේ රාත්‍රී 08.15ට පිටත් විය.

42.31%
17.27%
32.76%